දේශීය ණය ප්‍රශස්ථකරණයේදී බැංකු පද්ධතියේ සහ මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාවය සහතික කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
“මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා”
මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ 2022 මහබැංකු වාර්තාව සම්බන්ධයෙන් පෙරේදා (09) පැවති සම්මන්ත්‍රණයකදී ය.
RN