ජූලි 1සිට සමෘද්ධි සහනාධාරය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමෘද්ධි සහනාධාරය ජූලි 1 වැනි දා සිට ලබා දෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසන අතර , එම සහනාධාරය  මහ බැංකුව පිළිගන්නා ඕනෑම බැංකුවක් හරහා ලබාගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණය පසු ගිය 31 වැනි දායින් අවසන් වූ අතර මේ වනවිට එය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවකින් පරීක්ෂා කිරීම් සිදු කරනු ඇත.

මෙම සමෘධි සහනාධාරය ”අන්ත දුගී” සහ ”දුගී” ලෙස වර්ග දෙකකට දෙනු ලබන අතර , ”අන්ත දුගී” පිරිසට රුපියල් 15,000 ක මුදලක් සහ ”දුගී” පිරිසට රුපියල් 8500 ක මුදලක් ලබාදීමට නියමිතය.

මෑත කාලයේ ආර්ථිකය කඩා වැටීමත් සමග ඇති වූ ගැටලු නිසා ”අවදානමට ලක් වූ” සහ ”සන්ක්‍රාම්තික” වශයෙන් වර්ග දෙකක් යටතේ ද සමෘද්ධි සහනාධාරය ලබා දීමට නියමිත බවත් , ”අවදානමට ලක් වූ” වර්ගයට රුපියල් 5000 ක මුදලක් සහ ”සන්ක්‍රාම්තික” වර්ගයට රුපියල් 2500 ක මුදලක් ලබා දීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...