*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දින්සර ගේ ක්‍රිකට් රටට රන් ස්වරයක් කිරීමේ තනුව හදන්නට ඉඩ ඇත

විචිත්‍රවත් පූරකවරයෙක් වන සහෘද මාධ්‍ය සඟයා, වජිර ජයවර්ධනගේ ඔත්තුවක් ඔස්සේ මේ වීරරත්නය ගැන අපට දැන ගන්නට ලැබිණ.දකුණ කෙළවර ඌව සළකුණේ ආසන්නයේ සිටින හෙතෙම නමින් රත්නවීර ය.අවුරුදු 14 ක් වයස ඔහු දින්සර සෙනුමිත රත්නවීර ය.වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය සහ දෙබරවැව විද්‍යාලය අතර මහා තරග සංස්කෘතියේ ප්‍රවේශයේදීම මේ 14 හැවිරිදි දකුණතින් පා දඟ පන්දු යවන්නා වීරාභිෂේකයට පත්ව ඉතිහාසයට එක් වන්නේය.ඒ රාජපක්ෂය ලකුණු 132 ට සීමා කරන්නට දායක වෙමින් සිය පන්දුවෙන් ලකුණු 40 ට කඩුලු 7 ක් දඩයම් කරමින්ය.

පුංචිම සංදියේ නිල්කමල් නම් වූ පුහුණුකරුවාගේ මඟ පෙන්විමෙන් දින්සර ලැබූ පන්නරය අද රන් ස්වරයක් බවට පත් කරන්නට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ විද්‍යාලීය පුහුණුකරු ගීත් සමීර ය.ඒ සඳහා වඩාත් පොහොසත් වූ වැයුම් එක් කරන්නට දිස්ත්‍රික් පුහුණුකරු සේ නිලංක හඳුන්ගේ මෙන්ම පළාත් පුහුණුකරු සුරංග විජේනායක ද දින්සර දායක වී ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචාරයට පෙර සූරියවැව පැවති පුහුණු සැසිවලදි දැල තුළ පන්දු යවන්නෙක් සේ දින්සර ට ලැබුණු අවස්ථාව දිගටම පවත්වා ගෙන යන්න මැදිහත් වූ යේ එහි පුහුණුකරුව සිටි රුමේෂ් රත්නායක ය.ඒ පැහැදිම දින්සර ට පළාත් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් දක්වා මැදිහත්වීමකට දිගු විය.

ඒ නිසා අවුරුදු 14 මේ ගැටවරයා වයසට වඩා මුහුකුරා ගිය අත්දැකීම් සොයා ගිය දක්ෂතා ඇත්තෙක්ය.වරක් අවුරුදු 15 න් පහළ ලෝක කුසලාන තරගාවලියක දී විශිෂ්ඨ දස්කම් දක්වන්නට දෙබරවැව පුතෙකුට අවස්ථාව ලැබිණ.ඒ මහින්දරත්නය.නමුත් ඒ අපූරු දඟ පන්දු යවන්නා ගුවන් හමුදා නිලධාරියෙක් වීමෙන් ඔබ්බට රටේ ක්‍රිකට් වලට ළමා වියේ පෙන්නූ හැකියාව වර්ධනය කරගන්න අපොහොසත් විය.
මෑතකත් දවසක් අපි ප්‍රැක්ටිස් කර කර ඉද්දි හවසක ඇවිත් කතා කරලා විස්තර අහලා ගියා.
ඒ දින්සරගේ මහින්දරත්න ගැන මතකය ය.ඔහු සමහර විට දැනට වඩා බරකින් තමන්ගේ අස්ථානය ජාතික මට්ටමෙන් ස්ථාවර කර ගන්නට බැරි වූ අවස්ථාව දින්සරලාට උදා කරන්නට දායක වෙන්නට සිහින දකිනවා විය යුතුය.නමුත් ශ්‍රී ලංකාවට නායකයෙක් වශයෙන් ද දායක වූ සුරංග ලක්මාල් ගේ ක්‍රිකට් තිඹිරි ගෙය ද දෙබරවැව ය.සමහර විටෙක තමන්ට දෙබරවැව සිට දකින්නට නොහැකි වූ ලෝකය එහි සිටම දැකිය හැකි ස්ථාවරයක් වෙනුවෙන් සුරංග ලක්මාල් වැන්නෙක්ගේ සහයෝගයද දෙබරවැව ට හිමි විය හැකිය.

දින්සර ගේ ක්‍රිකට් සිහිනය අවදි යථාර්තයක් කරන්නට පොර බඳින්නේ තාත්තා ය.දැනට ලුණුගම්වෙහෙර පොලීසියේ සේවය කරන ජයසිරි රාළහාමිට, ඔහුගේ ක්‍රිකට්වලට රත්තරන් වටින පුතා ඉදිරියට ගෙන යන්න පොලිසියේ හැමෝම දෙන හයිය අගය කළ යුතුය.

දැනට නීති විරෝධි වත්කම් සහ බැරකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් තංගල්ල කොට්ඨාශයේ ප්‍රධානියාව සිටිය දී පුංචි දින්සර අවුරුදු 10 ක විතර පුංචිම පුංචි කොලු ගැටයෙක්ය.තමන් යටතේ සේවය කරන රාළහාමිගේ මේ දඟකාරයාගේ අනාගතය සිය ක්‍රිකට් දැණුමෙන් දැක ඊට උපකාර කිරීමට මැදිහත් වූ ලක්සිරි තවමත් ඒ සුහදශිලී දිරි ගැන්විම අවසන් කර නැත.එසේම මේ අපූරු දෙබරවැව ක්‍රිකට් නිර්මාණයේ අනාගතය පෝෂණය කරන්නට ග්‍රෑන්ඩ් මොනෑච් සහ ග්‍රෑන්ඩ් ඉම්පීරියල් හෝටල් හී හිමිකරු පණ්ඩුල ප්‍රියන්තත් දින්සර රන් ස්වරයක් කිරිමේ උත්සාහයේ අත්වැල් සපයන්නෙක්ව ඉන්නේ ආදරයෙන්ය.
මෙ සියල්ල සමඟ අවුරුදු 14 දී කාගෙත් අවධානයට පත් වෙන පන්දු යවන්නේ වි ඓතිහාසික රුහුණු සුලෝහිත සටනේ දක්ෂතම පන්දු යවන්නා මෙන්ම තරගයේ වීරයා ද වන දින්සර පවසන්නේ වෙන විද්‍යාලයකට යාමට තමන්ට අපහසුතාවය කුඩා කාලයේ සිට එකට බැදුණු මිත්‍ර සමාගම බවය.

හැමදේම වෙනස් වෙනවා.මේ සතුට ඉතිං නැතුව යනවානෙ.
ඒ පුංචි හඬ පවසන බරපතල කතාව එන්නේ එතැනින් ඉනික්බිතිවය.
දකුණෙ ඉතිං හොඳම ගාල්ලනෙ.ගාල්ලට ඉතිං අපිට වඩා පහසුකම් වගේම විශේෂයෙන් හොඳ තරග අවස්ථා ලැබෙනවා.අපිටත් එහෙම ආවොත් ගහලා පෙන්නන්න පුළුවන්.
පාසලේ විදුහල්පතිතුමා සහ ගුරු දෙගුරුන් සියල්ලමත්,පාසල් සංවර්ධන සමිතිය,ආදි සිසුවන් දෙබරවැව ක්‍රිකට් නංවන්නට සහයෝගයක් දෙන බව පෙන්වා දෙන දින්සර නමුත් ගොඩක් අමාරුකම් තියෙන පාසලක් අපි කියා එහි ප්‍රමාණවත් සහ අප්‍රමාණවත් බව ගැන අපට හිතන්නට ඉඩ ඉතුරු කරන්නේය.අමාරුවෙන් ගොඩ ගන්නට දස්කම් දක්වන්නට වැඩි අවස්ථා දෙන්නට ඒ වචනවලඅ පේක්ෂාව තේරුම් ගන්නා අයෙක්ගේ බලය,හැකියාව ආදි සිමාවන් ඇතුළේ මැදිහත් වෙන්න යැයි අපි ආරාධානා කරන්නෙමු.
ගොඩක් වෙලාවට මැටින් එකේ තමයි ගහන්නෙ.ඒත් නෙට් ප්‍රැක්ටිස්වලට හෙම සමහර තරග වෙනුවෙන් අපි සූරියවැවට යනවා.

ඒ දින්සර ට ටර්ෆ් එකක අත්දැකිම ලැබෙන්නට ඇති අවස්ථාවය.
ටර්න් වෙන හැටි හෙම වෙනස්.දෙවිදිහකට තමයි ටර්ඓකයි මැටින් එකයි වැඩ කරන්නෙ.ටර්ෆ් එකක් නැතිකමට දුක හිතනවට වඩා මං හිතන්නෙ ඒ අත්දැකීම් දෙකම මට වටියි කියලා.
ඒ හිතීම දින්සර රන්ස්වරයක් විමේ පෙර මඟ ලකුණු ය.
මං ලැබිච්ච අවස්ථාවල හොඳට පන්දු යවලා තියෙනවා.තවම අන්ඩර් ෆිෆ්ටීන් ගහද්දි තමයි මම අන්ඩර් නයින්ටීන් එකටත් ගහන්නෙ.

වයස දක්ෂතාවයට අදාළ නැත.දෙබරවැව දඟ පන්දුවේ සළකුණ දින්සර බව ඔප්පු කළ අවස්ථා බොහෝ ය.
බිග් මැච් එකේදී ගීත් ස්ර් කියලා ඇරියේ හොඳට තැනට දාන්න කියලා.කැප්ටන් සහල අයියා බෝලෙ දිලා කිව්වා උඩ දාලා දාන්න විකට් වැටෙයි කියලා.මම ඒ දේ හරියටම කරා කණ්ඩායම වෙනුවෙන්.
එම හරියටම කිරිමේන් දැවුණු හතෙන් දෙක බැඟින් වැටෙන්නේ උඩ පන්දුවලට,කෙළින්ම කඩුල්ලේ වැදීමට සහ කඩුල්ල ආවරණය කිරීමටය.එසේම එක් කඩුල්ලක් දින්සර ලබන්නේ ස්ටම්ප් කිරීමක් නිසාය.
සුරංග අයියා ගැන දන්නවා.එයා අපේ ස්කෝලෙන් ගිහිං තමයි ශ්‍රී ලංකා ගැහැව්වෙ.මටත් සමහර විට ගිහිල්ලා ගහන්න වෙයිද දන්නෙ නැහැ.හැබැයි මම කැමති අපේ පවුලෙ ස්කෝලෙ තමයි දෙබරවැව.ඒකෙම යන්න.අපිට හොඳ අවස්ථාවන් දෙන්න ගහලා පෙන්නන්නම්..

දින්සර කියන අවස්ථාවන් පිළිබඳ කතාව ඉතා වැදගත්ය.එසේම පවුලේ පාසල කියන්නේ ජයසිරි සාජන් මහත්තයා වන දින්සරගේ තාත්තා ද දෙබරවැව ආදි සිසුවෙක්ය.එහිම උගත් ලොකු අක්කා විශ්ව විද්‍යාල වරම් ලබා සිටියි.දෙවන අක්කා උසස් පෙළ ලියා ප්‍රතිපල අපේක්ෂාවෙන්ය.මේ සියල්ල නිසා ගුරුවරුන්ගේ ආදරය සෙනෙහස නො’අඩුව විඳින පාසලේ සියලල්ම දන්න දින්සර ට අක්කලාගේ මඟ පෙන්වීම ද අධයාපනය සඳහා ලබා ගන්නට ඇති ඉඩ වැදගත්ය.ඒ සියල්ලටම වඩා පවුලේ බඩ පිස්සා ට අම්මාගේ උණුසුමෙන් ගන්න ඇති ආදරයය.
ඇත්තටම මේ ලස්සන පවුල ඇතුළේ දින්සර ගේ අනාගතය ගොඩ නඟන්න අවස්ථාව ඇත්තේ වැඩි අවස්ථාවන්වලය.දින්සර පමණක් නොව එවැනි පළල් අවස්ථාවක තවත් දක්ෂයන් දෙබරවැවෙන් මතු වී අනාගත ජයග්‍රහණ කරා රටත් රැඟෙන පිහිනා යන්නට ඇති ඉඩ වැදගත්ම රටට ය.
ඉතිං අපි දින්සර දෙස බලා ඉමු.ඔහුගේ හඬට ලැබෙන ප්‍රතිචාර දෙස ද බලා සිටිමු.
පොලිස් සැරයන්වරයෙක් ගේ පුතෙක්…..

එහෙම දැනෙන කොට තවත් දරුවන් දෙන්නෙක් එක්ක දින්සරගේ ක්‍රිකට් නඩත්තු කරන්න යම් අපහසුවක් ද ඇති බව වැටහෙනු ඇත.ඒ ගැනත් මෙවැනි මැණික් ඔප දමා වටිනාකම් වැඩි කිරිමේ උවමනාව තේරෙන සහ ඒ සඳහා හැකියාව ඇති අයෙකුට දැනෙන්නට හැකිය.එවැන්නෙක්ට මඟ කියන්න සාජන් මහත්තයා සහ ඔහුගේ පුතා සම්බන්ධ කර දෙන්න අපිට හැකිය.
දින්සර දිනෙක ඔබ ක්‍රිකට් පිටියේ රන් ස්වරයක් වනු ඇතැයි අපි බොහෝ කැමත්තෙන් බලා සිටින්නෙමු.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan