එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෝසම 24 වනදා කැදවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් සලකාබැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අද (12) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවේ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත්කර තිබූ එම මෝසමයි.

එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට කරුණු දක්වමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දි පිළිබඳව නිගමනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින්  විද්වත් කමිටුවක් පත් කළ බව සඳහන් කළ අතර , අදාළ නෞකා අනතුර නිසා පරිසරයට අමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ පාඩුවක් සිදුවී ඇති බව එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම මෝසමින් ඉල්ලා තිබෙන බව ද නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා සිටි අතර අදාළ නෞකාවේ වන්දි සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් චෝදනා රැසක් ද එල්ලවී ඇති නිසා ඒ පිළිබඳව විභාග කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ මෝසම තුළින් ඉල්ලීම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම මෝසම ලබන 24 වනදා සලකාබැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...