විදුලි කප්පාදුවකට ලංවිම අදත් අවසර ඉල්ලයි – මහජන උපයෝගිතා කොමිසම බැහැ කියයි (VIDEO)

Date:

අද (01) දිනයේදීත් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එඅ සඳහා අනුමැතිය නොදුන් බව මහජන උපයෝගිතා කොම්සමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

පවතින තාවකාලික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවටයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත්තේ.

නොරොච්චෝලේ ඇත්තේ බිඳ වැටීමක් නොවන අතර සුළු නඩත්තු කටයුත්තක් වන හෙයින් එය යථාතත්ත්වයට පත්කර මධ්‍යම රාත්‍රිය පමණ වන විට ජාතික පද්ධතියට එක්කළ හැකි වනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති අතර සොජිස්ට් බලාගාරයද 03 වැනිදා සිට ජාතික පද්ධතියට එකතු වන හෙයින් ද එමෙන්ම බාච් මවුන්ටන් බලාගාරය වෙතද අවශ්‍ය තෙල් ඛනිජ තෙල් සංස්ථාවෙන් නිකුත කරන හෙයින් අද දවසේ තිබෙන ප්‍රශ්නය විසදා ගැනීමට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව එම කොමිසම පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...