*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ප්‍රංශ තානාපති සහ ජාතික ජනබලවේගයේ නායක අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (17) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටි අතර , මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වී ඇත. තවද , ත්‍රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කර ඇත . එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත් බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan