මහබැංකුවෙන් හදිසි නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කර ඇති බව මහ බැංකුව පවසන අතර , 2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරනු ලැබීය.

නව විධානයට අනුව එම නියෝග වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව මහ බැංකුව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...