දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා – ජනපති (VIDEO)

Date:

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ඉවත් කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“වැටුප් ගැන අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවලට. මම කතා කරන්න කිව්වා මොකක්ද අපි කරන්නේ කියලා, මේක එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙන්නෙ. මෙහෙ විතරක් නෙවෙයි. ඒත් මේක කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකෙන් හානියක් වෙන්නෙ නෑ, බය වෙන්න එපා. ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා, සාමාන්‍යයෙන් එකක් නොවෙන විදියට තමයි අපි ඒක කතා කළේ. දෙවනුව තියෙන්නෙ ඊට වඩා විශාල ප්‍රශ්නයක්. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම් බැංකු ගියා නම් ඔක්කොම ගිහිල්ලා, ආපහු වෙන මොකුත් කතා කරලා වැඩක් නෑ. ඉතින් ඒ දෙක අපට කරන්න තියෙනවා මේකත් යන ගමන්. අපි ඒ දෙකම දැනට කරගෙන යන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතුව අපට සාකච්ඡාවලට යන්න බෑ. මම බලන්නේ සැප්තැම්බර් වෙනකොට මේ ප්‍රශ්නය ඉවර කරලා, බංකොලොත්භාවය කියන තීන්දුව ඉවත් කරගන්න. මේ ඔක්කොම කරනවා නම් බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...