සිනොපෙක් වෙතින් ලංකාවට ඩොලර් මිලියන 350ක්!

Date:

කොළඹ (LNW): මෙරටට ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූයේ ඊයේ (22) දින ය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මේ අතර සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙහෙයුම් සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 348 ක ආයෝජනයක් සිදුකර ඇති බව ද ආරංචිමාර්ග පවසයි.

මෙය, දැවැන්ත ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාවට සිනොපෙක් සමාගම විසින් ලබා දුන් ප්‍රදානයක් හා සමාන අතර, පවතින විදේශ විනිමය ගැටළුව හමුවේ දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...