සිනොපෙක් වෙතින් ලංකාවට ඩොලර් මිලියන 350ක්!

කොළඹ (LNW): මෙරටට ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූයේ ඊයේ (22) දින ය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මේ අතර සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙහෙයුම් සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 348 ක ආයෝජනයක් සිදුකර ඇති බව ද ආරංචිමාර්ග පවසයි.

මෙය, දැවැන්ත ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාවට සිනොපෙක් සමාගම විසින් ලබා දුන් ප්‍රදානයක් හා සමාන අතර, පවතින විදේශ විනිමය ගැටළුව හමුවේ දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...