පොහොර ආනයනයේදී අක්‍රමිකතා සිදු වී ඇත්දැයි සෙවීමට කමිටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2021 මහ කන්නයේ වී වගාව සඳහා නැනෝ දියර පොහොර ආනයනය කිරීමේදී යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ , චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.09ක මුදලක් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් ලෙසයි .

අද දින (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබූ අතර , නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත්වී නැතැයි යන කාරණය සම්බන්ධව මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළෝය. එහිදී අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ නැනෝ පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...