නඩාල්ගේ දිණුම නිසා ජොකොවික්ගේ එන්නත් විරෝධය දිය වෙයි

Date:

ඕස්ට්‍රේලියානු විවෘත සූරතාවලිය ජය ගත් රෆායෙල් නඩාල් නොවැක් ජොකොවික් සහ රොජර් ෆෙඩරර්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ පසු කරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 21 ක උරුමක්කාරයා වෙමින් වාර්තා පොතට එක්වීමත් සමඟ ජොකොවික්ගේ එන්නත් විරෝධය දිය වි ඇති බව ප්‍රකට ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන ඩැනියෙල් මුකේෂ් පවසා ඇත.ඒ නොවිික් ජොකොවික් 2020 අප්‍රේල් මාසයේ දී කොවිඩ් එන්නත්කරණයට විරුද්ධ අදහස් දැක්වීමේ සිට එයට විරුද්ධ මතයක සිටිමින් ක්‍රියා කරමින් සිට, පළමුවරට එන්නත විදීමට එකඟ වෙන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එන්නත් නොකරමින් සහභාගි වෙන්න දැරූ උත්සාහයට එල්ල වූ විරෝධයට නීතිමය වශයෙන් සහනයක් ලබා ගන්නට ජොකොවික් උත්සාහ කළ අතර එහිදී ඔහුට විශාල අපකීර්තියකට මුහුණ දෙන්න සිදු විය.ඒ නීතිමය සහන ලබා ගැනීමේ අරමුණෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසාය.අවසානයේ නොවැක් ජොකොවික්ට ඕස්ට්‍රේලියාවෙන් පිටමං වීමට සිදු වුයේ බොරුකාරයෙක් ලෙස සිය ජීවීතයට විශාල කළු පැල්ලමක් ද එක් කර ගනිමින්ය.

ඉදිරියේදී ද ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි සඳහා විදෙස්ගතවීමේදී ජොකොවික්ට එන්නත් නොකිරීම විශාල ප්‍රශ්නයක් වනු ඇති බව ප්‍රංශ ටෙනිස් තරගාවලියටද එන්නත්කරණය අනිවාර්ය කිරීම හරහා පැහැදිළි වෙයි.එවැනි තත්ත්වයක් තුළ ජොකොවික්ට වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙක් ලෙස විශාල ආදායමක් අහිමිවිම මෙන්ම නඩාල් තව දුරටත් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ජයග්‍රහණ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් දෙදෙනා අතර පරතරයද වැඩි වෙනු ඇත.බොහෝ විට එන්නතට එකඟවීමට ජොකොවික්ට වැඩිම බලපෑම එල්ල කරන්නට ඇත්තේ ඉහත කරුණුය.

ජොකොවික් කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්විම සම්බන්ධයෙන් ඕස්ට්‍රෙිලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේග් හන්ට් ද අදහස් ප්‍රකාශ කර ඇත.එන්නත්කරණය දිරිමත් කිරීමට රටක් වශයෙන් නොවැක් ජොකොවික්ට පමණක් නොව වෙන ඕනෑම අයෙක් කෙරෙහිද සිය රටේ එකඟතාවය පළවෙන බව අමාත්‍යවරයා එම ප්‍රකාශයෙන් පෙන්වා දී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගු වීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...