නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කිරීම පිළිබඳ තීන්දුව පෙබරවාරි 07

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගත කර සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි 07 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (02) නිවේදනය කළේය.

ඒ, තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ඒ මහතා විසින් ගොනු කළ පෙත්සමක් මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දෙවෙල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීමට තමන් විරුද්ධ නොව බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණ ද පසුගිය ජනවාරි 28 වනදා ඒ මහතා එම ඇප ඉල්ලීම පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුව ඇප මත මුදාහැරීමට තමන්ට බලයක් නොමැති බව පවසමිනි.

ඒ අනුව එම ඇප ඉල්ලීම ඊයේ දිනයේදී යළි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිජාස් හිස්බුල්ලා මහතාව අත් අඩංගුවට ගන්නා ලද්දේ 2020 අප්‍රේල් 14 වනදාය. නඩු පැවරීමකින් තොරව මාස 18ක් තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි ඒ මහතාට අවසානයේ නඩු පවරා තිබුණේ “වාර්ගික අසමගිය ඇතිකිරීම” යන චෝදනාව යටතේ ය. ඒ, පුත්තලම ප්‍රදේශයේ ඉස්ලාම් පාසලක දේශනයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පමණකි. ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් එතරම් දීර්ඝ කාලීන විමර්ශනවලින් පවා අනාවරණය වී තිබුණේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...