*
Monday, November 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/29

  1. මෙරට සියලු හෝටල් ක්‍රියාත්මක වන්නේ අවශ්‍ය කාර්ය මණ්ඩලයට වඩා 50% කටත් වඩා අඩු ප්‍රමාණයක් සමඟ බව සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනයේ (Institute of Tourism & Hotel Management) සභාපති ශිරන්ත පීරිස් පවසයි: වසංගතය සමයේ ඇතැම් සේවකයන් විකල්ප රැකියා අවස්ථා සඳහා යොමුවූ අතර, තවත් පිරිසක් විදෙස්ගත වූ බවත්, එමඟින් ක්ෂේත්‍රය තුළ විශාල රික්තයත් බිහිවූ බවත් අනාවරණය කරයි.
  2. 2024 වර්ෂයේදී පාසල් විෂයය නිර්දේශයට කෘතිම බුද්ධිය (Artificial Intelligence) හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නවරත්න පවසයි: මෙමඟින් රොබොටික්ස් (robotics), යන්ත්‍ර අධ්‍යයනය (machine learning), දත්ත කැණීම (data mining), පරිගණක දර්ශනය (computer vision) හා බැඳි අනෙකුත් තාක්ෂණයන් පිළිබඳව ඉගැන්වීමක් සිදුකෙරෙනු ඇත.
  3. ගතවූ මාස 07 ක කාලය තුළ ගෝලීය වශයෙන් සිදුව ඇති මන්දගාමී බවක් නිසා ඇඟළුම් කර්මාන්තය ඇණවුම්වල 20% ක පහත වැටීමක් අත්විඳිමින් සිටින බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) මහ ලේකම් යොහාන් ලෝරන්ස් පවසයි: මෙම මන්දගාමී බව තවත් මාස 05 – 06 ක පමණ කාලයක් පැවතිය හැකි බව ද අනතුරු අඟවයි: වසංගත සමය තුළ පමණටත් වඩා ඇඟළුම් ගොඩ ගැසී තිබීම හේතුවෙන් ඇතැම් සිල්ලර වෙළඳුන් අලුතින් ඇණවුම් සිදුනොකරන බව ද අවධාරණය කරයි.
  4. බුදුන් වහන්සේ සහ අනෙකුත් ආගමික නායකයන් සම්බන්ධව තමා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් රට පුරා ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු නැමැත්තා නැවත වරක් තම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියි: ඉකුත් මැයි 15 වන දින මෙම සිදුවීමට අදාළව වහා විමර්ශනයක් දියත් කරන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
  5. සතිපතා ලබා දෙන ඉන්ධන කෝටාව අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ලියාපදිංචි ටැක්සි ත්‍රී රෝද රථ සඳහා ලීටර් 22; අනෙකුත් ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සඳහා ලීටර් 14; මෝටර් රථ සහ වෑන් සඳහා ලීටර් 40; බස්රථ සහ ලොරි සඳහා ලීටර් 125.
  6. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට ලද චෝදනාව මත අත්අඩංගුවට පත් සජීවී ප්‍රහසන ශිල්පිනී (stand-up comedian) නතාශා එදිරිසූරිය ජූනි 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  7. 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද දින සිට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 ක අපේක්ෂිතයන් 472,553ක ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
  8. මරණයට පත් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබා ගත් සාම්පල තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ මවගේ ඩීඑන්ඒ සාම්පල ලබා ගන්නා මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි.
  9. ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ 03කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සුදු පන්දු ක්‍රිකට් (white-ball cricket) වෙත නැවත ගෙන්වා ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරයි: දිමුත් කරුණාරත්න ලබන මස අග දී සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ඔහුගේ ස්ථානය ආරක්ෂා කර ගැනීමට ද අපේක්ෂා කරයි.
  10. මෙම සතියේ මුල සිතා දි සැවෝනා ජාත්‍යන්තර තරඟාවලියේ දී (International Meeting Citta’ Di Savona) කලවා ප්‍රදේශයේ තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලාංකික ඉහළ පිතිකරු යුපුන් අබේකෝන් මෙම සතියේ පැවැත්වීමට නියමිත 2023 වන්ඩා ඩයමන්ඩ් ලීග් (Wanda Diamond League 2023) තරඟාවලියට සහභාගී වීම සැකසහිත බව වාර්තා වේ: සඳු දින සිදු කිරීමට නියමිත එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව ජූනි 02 වන දින පැවැත්වෙන තරඟයට තමා සහභාගී වන්නේ ද යන්න අබේකෝන් විසින් තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan