*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

කැම්පස්වල ඉගෙන ගන්න දෙන පොලී නැති ණය යළි ලබන සතියේ සිට..!

විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

2016 වර්ෂයේ යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වුණු මෙම පොලී රහිත ණය සහනය නැවත ලබාදීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පාසලක පැවති වර්ණ ප්‍රදානෝත්සවයක්ට සහභාගි වෙමින්.

මෙහිදී අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ මුදල් අමාත්‍යංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් අහිමි වූ දරුවන්ට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට රුපියල් ලක්ෂ 10ක පොලි රහිත ණයක් ලබා දීමට නියමිතයි.

එමගින් විශාල ශිෂ්‍යයින් සංඛ්‍යාවකට උපාධියක් ලබා ගැනීමට මෙන්ම රැකියා අවස්ථා උදා කර ගැනීමට ද හැකි වනවා.

රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ මෙම සහන ක්‍රියාවලිය නවතා දමා තිබූ අතර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි එය ක්‍රියාත්මක කරන ලෙස දන්වා තිබෙනවා.

ඒ යටතේ රුපියල් ලක්ෂ 10 ක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමි වනවා.

මේ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දීමට ක්‍රියා කළයුතු බවයි.

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩිම සේවාවක් ක්‍රියාවට නංවනු ලැබුවේ යහපාලන රජය සමයේ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan