වික්‍රමාරච්චි වෛද්‍ය සිසුන් ජාතික ජන බලවේගයේ නායක හමුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය අද (29) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා  හමු වී ඇත.

මෙහිදී ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ශිෂ්‍ය සංගමය විසින් අනුර මහතා  වෙත අවධානයට ලක් කර ඇත.

2021 දී ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය ලෙස නාමකරණය කළද විද්‍යායතනයක් ලෙස පැවති පහසුකම් තුළම නව පීඨයන් ස්ථාපිත කිරීමෙන් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත් සිසු සිසුවියන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් පෙන්වා දුන් විශ්විවිද්‍යාල සිසුහු, විශ්වවිද්‍යාලයේ පහසුකම් කඩිනමින් පුළුල් වීමේ අවශ්‍යතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නගන ලෙස අනුර කුමාර දිසානායක මහතාගෙන්  ඉල්ලා ඇත.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...