චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි

Date:

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.

අද මෙම නඩුව කැඳවා තිබූ අවස්ථාවේදී චම්පික රණවක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් සඳහන් කළේ සිය සේවාදායකයාට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි. කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනා කියවා නඩු විභාග ආරම්භ කිරීමට තීරණය කළේය.

ඒ අනුව ලබන ජුනි 17 වැනිදා නඩු විභාගය ආරම්භ වන අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කෙරිණි.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට තුවාල සිදු කිරීමට අදාලව චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...