චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි

Date:

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.

අද මෙම නඩුව කැඳවා තිබූ අවස්ථාවේදී චම්පික රණවක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් සඳහන් කළේ සිය සේවාදායකයාට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි. කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනා කියවා නඩු විභාග ආරම්භ කිරීමට තීරණය කළේය.

ඒ අනුව ලබන ජුනි 17 වැනිදා නඩු විභාගය ආරම්භ වන අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කෙරිණි.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට තුවාල සිදු කිරීමට අදාලව චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...