අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි – පුත්‍රයා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

Date:

නිසි පරීක්ෂණයක් සිදුකර අවසන් වෙන තුරු තමන් පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන බව අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

ගැටුම සිදු වූ ස්ථානයට පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් රැගෙන සිය පුත්‍රයා යෑම අනුමත නොකරන බවයි අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේ.

එම සිදු වීම නවක වදයට සම්බන්ධ සිදුවීමක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිය පුත්‍රයාගේ නම ද වාර්තා වීමෙන් පසු ඔහුව පොලීසියට භාර දීමට කටයුතු කළ බවත් එම පරීක්ෂණ වලට කිසිම බාධාවක් නොකළ බවත් ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...