පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරලා සාධාරණයක් ඉටුවෙයි කියල විශ්වාසයක් නැහැ! (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ඊට සාධාරණයක් ඉටු කරගත හැකි බවට විශ්වාසයක් දැන් නොමැති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.

එහෙත් ඒ වෙනුවෙන් උත්සාහය අඛණ්ඩව ගෙන යන අතර සාධාරණය ඉටුකරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයට යන බවයි පියතුමන් කියා සිටියේ.

අධිකරණය ගැන අවිශ්වාසයක් නැතත් අධිකරණය දක්වා එන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පියතුමා සඳහන් කළහ.

එමෙන්ම මේ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තා දෙකක් නීතිපතිවරයා ළඟ තිබෙන නමුත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට උත්සහයක් පවතින බවක් පෙනෙන්නට නැති බවද සිරිල් ගාමිණී පියතුමා කියාසිටියහ.

”ඒ වගේම අපි දකිනවනේ තියෙන නඩු නිදොස් කොට නිදහස් කෙරෙන ඒවා. ඒකේ වැරැද්ද තියෙන්නේ අධිකරණයේ නෙවෙයිනේ. ඒකෙ වැරැද්ද තියෙන්නේ නීතිපතිවරයා කොහොමද නඩුව ඉදිරිපත් කරන්නේ කියන එක මත. මෑතකදී නිදොස් කොට නිදහස් කරපු නඩුවක විනිශ්චයකාරතුමා ඔහුගේ තීන්දුවේදී කියල තියෙනවනේ පැමිණිල්ල මගින් දීපු සාක්ෂි කෙනෙක්ගේ චෝදනාව ඔප්පුකරන්න නෙවෙයි එහෙම දෙයක් එයා කළේ නැහැ කියල ඔප්පු කරන්න පුළුවන් විදිහට තමයි සාක්ෂි දීලා තියෙන්නේ. නීතිපතිවරයා විසින් සංවිධානය කරන එකක්නේ ඒක. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ අපි කාටවත්ම විශ්වාස කරන්න බැහැ මේ පාස්කු ප්‍රහාරයට සත්‍ය හෙළිදරව් කරගෙන මේකට සාධාරණයක් ඉෂ්ට කරගන්නට පුළුවන් වේය කියන එක.” යනුවෙන් පියතුමා වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිලාගේ ධාවනයෙන් මතක් කළ මරීටා,ජමීලා සහ 80 දශකයේ කාන්තා ධාවන දස්කම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW: මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා...

තාත්තාට දිය හැකි උපරිම ගෞරවය දෙන්නට වෙල්ලාලගේ ඩුබායි වෙත

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW: දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය සිඳු වූයේ...

ඇෆ්ගන්හි ගුවන් කඳවුර නැවත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 20 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක...