සෝමාවතියෙන් ඒද තාත්තා ….

Date:

මැයි 30 වැනි දා වනාහි ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ 83 වැනි ජන්ම දිනය යෙදෙන දා ය.

2016 වසරේ දී හැත්තෑ හය හැවිරිදි ව අප අතරින් වෙන්ව ගිය ඒ අප්‍රමාණ මිනිසා ගැන අමුතුවෙන් පූර්විකා සැපයිය යුතුයැයි නොසිතමි. අජන්තා මියැදුණ ද සදා නොමියෙන අජන්තා ගීතාවලිය අදටත් අප හට පවසන්නේ සැබෑ කලාකරුවෙකුට විහිද පැතිර යා හැකි අවකාශයට සීමා මායිම් නැති බව ය. ඔහු එක් පසෙකින් පණ්ඩිත් අමරදේවයන් හට ගී ලියා ජනාධිපති සම්මාන දිනුවේ ය. තවත් පසෙකින් රූකාන්ත ගුණතිලකට ගී ලියා සරසවි සම්මාන දිනුවේය. ඒ සියල්ලටම එපිටින් එච්. ආර්. ජෝතිපාලට ජනකාන්ත ගීත ලියන්නටත් ; හින්දි ගී තනුවලට අර්ථපූර්ණ සහ රසපූර්ණ සිංහල පද මවන්නටත් තරම් නිර්මාණශීලී නිර්භීතත්වයෙන් යුතු විය. ගුරුකුල සහ කේන්ද්‍රීය කුලකවලින් අවසඟව තම හෘද සාක්ෂ්‍යයට එකඟව තෝරා ගැනීම් කරන්නට තරම් ආත්ම විශ්වාසයකින් යුතු විය.

මේ යළිත් සිහිකරන්නේ අජන්තා රණසිංහයන් තමා යොවුන් වියේදී තමා ට අහිමි වූ පියාණන් ගැන ලියූ ගීතයකි.

අජන්‍තා ! ඔබේ රසික දරු පරම්පරාව ලෙස අප ඔබගෙන් මෙසේ අසමු.

‘ඉපල් ගැහුණු තුරු දළුමල් හටගෙන
කිරුළු දරන් දරුවන් දැක ගන්නට
අග්ගහි දානය පූජා කරනට
සෝමාවතියෙන් ඒද තාත්තා …..’

සම්පූර්ණ ගීතය :

දකුණු අකු දා වහන්සේ
වැඳගන්නට සෝමාවතියේ ගිය
ම‍ගේ තාත්තා නෑ තව ආවේ
දෙපෝදාට පායන සඳ එළියේ
සුංගාවිල වනයේ හෙව්වා අපි

ඉරමල පිපුණා සේ ගම බැබලී
කදෝකිමියෙකැයි සිතාන උන්නද
හෙන්දිරික්කා මල් පිපෙන සැඳෑවේ
අපේ අම්මා දරු මුව පොව්වන් හා
චිමිනි ලාම්පුව යට හෙවණැල්ලේ
සුභාෂිතේ කවි කියුව තාත්තා
සුංගාවිල වනයේ හෙව්වා අපි

ඇළ දොළ වෙල්දෙනි ළඳු ඕවිටිවල
අදත් තාත්තා පියමං කරනා
ඉපල් ගැහුණු තුරු දළුමල් හටගෙන
කිරුළු දරන් දරුවන් දැක ගන්නට
අග්ගහි දානය පූජා කරනට
සෝමාවතියෙන් ඒද තාත්තා

(පද රචනය : අජන්තා රණසිංහ
ගායනය, තනුව, සංගීතය : සනත් නන්දසිරි)

~ සහන් කසීර වික්‍රමසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?