විදෙස් තානාපතිවරු රැසක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වති

විදෙස් තානාපතිවරු රැසකගේ අක්තපත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම අද (03) දින ජනාධිපති නිල නිවසේදී සිදුවූ බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, පහත දැක්වෙන විදෙස් තානාපතිවරු සිය අක්තපත්‍ර ජනාධිපතිවරයාට පිරිනැමීම සිදු කළහ.

ශ්‍රී ලංකාව සඳහා අයිස්ලන්ත ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ගුඕනි බ්‍රැගසොන්

ශ්‍රී ලංකාව සඳහා පිලිපීන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඇලන් ඩෙනීගා

ශ්‍රී ලංකාව සඳහා කසකස්තාන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නුර්ලාන් සැල්ගස්බයේව්

ශ්‍රී ලංකාව සඳහා ගැම්බියා ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් මුස්තෆා ජවාරා

ශ්‍රී ලංකාව සඳහා ඉස්ලාමීය පාකිස්තාන ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් උමර් ෆරූක් බුර්කි

ශ්‍රී ලංකාව සඳහා ඩෙන්මාර්ක රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ෆ්‍රෙඩී ස්වේන්

ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායල් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නඕර් ගිලොන්

ශ්‍රී ලංකාව සඳහා එස්ටෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් කැට්‍රින් කිවි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...