මීටර් 800 හැකිළෙයි

Date:

අවුරුදු 14 න් පහළ ඉව්වක් සේ මීටර් 800 ඉසව්ව ඇතුළත් කිරීම ළමා අවධියට අනවශ්‍යය බරක පැටවීමක් ලෙස මලල ක්‍රීඩා කේෂ්ත්‍රය පුරා මතයක් පැතිර ගිය අවස්ථාවේ දී එහි තිබෙන යම් සාධාරණ කාරණා වෙනුවෙන් අපි පෙනී සිටියෙමු.එම තීරණය ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් අදාළ තීරක පිරිස් සමඟ ද සංවාදයක යොදුණෙමු.එය අප වෙබ් අඩවියේ මෙන්ම ඉන් පිටතටදීත් සිඳු වූහ.
මෙවැනි ප්‍රතිපත්තිමය කාරණාවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදි ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙන්ම රටේ ආර්ථික,සමාජීය සහ අනෙකුත් දේශපාලන කාරණා ද සැලකිල්ලට ගෙන රටේ සමස්තය පිළිබඳව විවිධ කෝණයන්ගෙන් නිරීක්ෂණය කර බැලිය යුතුය.වෙනත් රටක පූර්වාදර්ශ අපේ පොළවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්තිය හා පෝෂණය වෙනුවෙන් අදාළ වන්නේ නැත.

මෙම කතිකාව දිගටම ඇදී යාමේ ප්‍රතිපලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය එම ඉසව්ව අවුරුදු 14 න් පහළ ඉසව්වක් ලෙස ඇතුළත් කිරීම අවලංගු කරන්නට පියවර ගෙන ඇත.නමුත් ඒ වන විට පළාත් කිහිපයකින්ම දැන ගන්නට ලැබුණේ අදාළ චක්‍රලේඛයට අනුව මෙම ඉසව්ව ඇතැම් තැන් හී දී පවත්වා ඇති බවය.
ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක පෙන්වා දුන්නේ එම ඉසව්ව පැවත්වෙන්නේ නම් නිරන්තරයෙන් ඊට වසර කිහිපයකට පෙර කුඩා දරුවන් එම ඉසව්ව ඉලක්ක කරගෙන පුහුණුවීම්වලට යොදා ගන්නේ දැයි අධික්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රිියාත්මක විය යුතු බවය.ඊට හේතුව මේ වන විටත් කුඩා අවධියේදීම ඇතැම් අවස්ථාවලදී එම ශරීරවලට ඔරොත්තු නොදෙන පරිදි වැඩි පුහුණුවක් ලබා දීමෙන් සෞඛ්‍ය ගැටළු ඇති වූ අවස්ථා හමු වී තිබීම බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.

එවැනි තත්ත්වයක කුඩා ක්‍රීඩක ජීවිත සමග අවදානම් සහගත ක්‍රියාවන්ට නොයා අධ්‍යාපන අමාත්‍යංශය ගිය නුවණ නැවත ඇඳ ගන්නට තීරණය කිරීම පමා වී හෝ හොඳ තීරණයක් ගැනීම බව අපේ විශ්වාසය ය.ඒ සඳහා මැදිහත් වෙමින් වගකිව යුතු අංශ සමඟ සාකච්ඡා කරමින් මලල ක්‍රීඩා සංගමයේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙන්ම පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමේ පුහුණුකරුවන් පිරිසක් ගත් ප්‍රශස්ත උත්සාහය ද මෙහිදී අගය කළ යුතුය.එම තීරණය සමඟම අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති 2023/05/31 දිනැති ED/9/15/06/-4/22 ලිපියෙන් වුෂු ක්‍රීඩාව සම්බන්ධයෙන් සහ පාසල් ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් ද උපදෙස් නිකුතු කර ඇත.


ඒ අනුව 03/2022(1) චක්‍රලේඛයේ සඳහන් පරිදි මීටර් 800 ඉසව්ව අවුරුදු 14 න් පහළ වයස් සීමාවන් සඳහා පැවත්වීම නවක්වා ඇත.වුෂු තරග පළාත් මට්ටමෙන් පැවත්වීම සඳහා ප්‍රමාණවත් පිරිසක් නොමැති බැවින් එය සමස්ත ලංකා මට්ටමෙන් පැවත්වීමට ද මෙම ලිපියෙන් යෝජනා කර ඇත.එසේම ලෙදර් බෝල ක්‍රිකට් තරග පැවත්වීමේදී පාසල් ක්‍රිකට් සංගමයේ උපදෙස් පරිදි පළාත් මට්ටමෙන් තරග පවන්වා ජයග්‍රාහී කණ්ඩායම් සමස්ත ලංකා මට්ටමට ඉදිරිපත් කළ යුතුය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...