මහබැංකු අධිපති හෙලි කළ දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවය.

තවද, මහ බැංකු අධිපතිවරයා පැවසූවේ
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව , ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙතැයි ඔහු පැවසීය.

මේ අතර ජුලි මාසයේ අවසාන භාගයේදී  උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය සිදුකර තිබෙන බවද ඔහු පැවසීය .

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළ අතර
ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් ඇති බවද සඳහන් .

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...