අද කාලගුණය

කොළඹ (LNW): බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද ,  සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර , වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව දැනුම් දෙයි.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන  අතර , උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තද සුළං පැ.කි.මී. 40-45ක අගයක් ගත හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...