රාජගිරිය අද උද්ඝෝෂණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාතික ජනබලවේගය විසින්,  “ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන මැයෙන්  උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර , ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති ,

“අද අපි රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් සාමාකාමී උද්ඝෝෂණයක් පවත්වනවා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය හැටියට අපි මේක පවත්වන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් එකතුවෙලා. මේ වනවිට ආණ්ඩුව දින නියමයක් නැතුව පළාත් පාලන මැතිවරණය කල්දාලා තියෙනවා. මැතිවරණය කල්දානකොට ඉදිරිපත් කරපු හේතුව තමා මුදල් නෑ. ආර්ථිකය අමාරුයි කියන එක. නමුත් අද ආණ්ඩුව අනිත් හැම කටයුත්තකදීම ආර්ථිකය ශක්තිමත් වෙලා, රුපියල ශක්තිමත් වෙලා ආදි වශයෙන් පම්පෝරි ගහනවා. ආණ්ඩුවට සල්ලි නැතිවෙලා තියෙන්නේ මැතිවරණ තියන්න විතරයි. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට විශාල වගකීමක් තියෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසම අද ස්වාධීන නෑ කියලා පේනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු වහාම සුදානම් කරන්න කියන බලකිරීම තමා අපි කරන්නේ. ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් මේ සම්බන්ධයෙන් අපි රට පුරා මේක පවත්වන්න කටයුතු කරනවා.”

වාරණ නියෝගයක් ගැන නම් අපි දැනුවත් නෑ. කොහොමත් ඉතින් පොලීසියේ මහත්තුරු ඒක කරනවානේ. සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදියට ඒ අය වාරණ නියෝගයක් ගන්නවා. ඒක පොලීසියේ කටයුත්තක්. උද්ඝෝෂණ කරන එක අපේ වැඩක්…”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...