*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ඉන්ස්ටග්‍රෑම් වලින් අර්ජුන්ට හමු වූ ඉන්දීය මලල ක්‍රීඩාවේ අනාගත හීනය – හීනා

රෙෂොන් මලික් හීනා කොරියාවේ නිමාව දුටු ආසියානු කණ්ෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකයේම අවධානය වැඩිපුරම දිනා ගත් ක්‍රීඩිකාවයි.එ ඇයගේ හුරුබුහුටිකම මෙන්ම හිසට බදින ඉන්දීය වර්ණ සහිත පළදනාවත් නිසයි.ඒ සියල්ලට වඩා ඇයගේ අපූරු පා චලනයන් සහිත ධාවනයේ ඇති ස්වභාවය මෙන්ම හැකියාව ප්‍රධාන තැනක් ගනියි.

තවමත් 16 හැවිරිදි ඇයට ඇත්තේ අසීමිත ජයග්‍රහණ පිපාසයක්.දුවන්නත් ඕනි දිනන්නත් ඕනි වාර්තා බිදින්නත් ඕනි.මේ සියල්ල අසම්පූර්ණ වූ විට ඇයගේ ඇස්වලට කඳුළු එන්නෙ නිතැතින්.අවුරුදු 16 ක් යාන්තමට පිරුණු කෙල්ලෙක් එහෙම හඬන එක ඉතිං පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි.
ඇය ඉකුත් වසර අවසානයේ තරගයක් ජය ගැනීමෙන් ඉනික්බිතිව හැඩුවේ ජයග්‍රහණයේ සතුටට නෙමෙයි.ඒ වාර්තාව ඉක්මවා යන්න නොහැකි වීම ගැන.මේ කතාව අද හැම වෙලේම ජයකින් පසුව යාළු මිත්‍රයින් ඇයගෙන් අහන කතාවක්.


මේතරම් උනන්දුවෙන් ජයග්‍රහණය සහ ඒ ජයග්‍රහණයේ සුවිශේෂිත්වය හොයන හීනා මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන යෂ්ටි හුවමාරුවෙදි ඇඳගෙන වැටුණම කොයිතරම් දුකක් ඇති වෙන්න ඇද්ද?රූපවාහිනි කැමරාවල සටහන් වූ කදුළුවලට වැඩිය කදුළු ප්‍රමාණයක් ඇයගේ ඇස්වලින් ගලා යන්න ඇති.

පුහුණුකරු අර්ජුන් සමඟ


හීනා මලල ක්‍රීඩිකාවක් වෙන්න හීන දකින්නෙ කබඩි පරම්පරා දෙකක් මැද්දෙ ඉපදිලා. පියා රෙසෝල්, මව අනිමා සහ මාමා අමීර් අලි ජාතික මට්ටමේ කබඩි ක්‍රීඩා කර තිබෙන අතර අමීර් ආසියානු කබඩි රන් පදක්කමක හිමිකරුවෙක්.හීනාගේ හීනයට ඇයගේ පියාගෙ කැමත්තක් තිබුණා.ඔහු මලල ක්‍රීඩාවට ආසා කළා.90 දශකයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව හැටියට ඉන්දියානුවන්ගේ ආදරයට පාත්‍ර වූ ශයින් විල්සන් ගේ නමින් සිය බාල දියණයට නම තබන්නත් රෙසෝල් තීරණය කරන්නෙ ඒ නිසයි.
එහෙත් බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රිතක්කයේ සොඩන්ගා ගම්මානයට විශාල දෙයක් කරන්නට හැකියාව නැත.මලල ක්‍රීඩා තාක්ෂණය පහසුකම් හීනාට හීනයක් වුව ද ඇය පරාජය භාර ගන්නට සූදානම් නොවූවාය.ප්‍රාතඹික පාසලේ ගුරුවරයෙක් පමණක් වූ රොසේලගේ පවුලට එහෙම අසීමාන්තික සිහින දකින්නට බාධා තිබුණ ද,ඔවුහූ හීන දුටුහ.


අනිරුද් පාල් චෞද්රි යටතේ පුහුණුව ලැබූ හීනා දිස්ත්‍රීක් මට්ටමින් සහ ප්‍රාන්ත මට්ටමෙන් ජය ලබමින් ඒ සිහින යථාර්තයට සමීප කරමින් උන්නාය.නමුත් ජාතික මට්ටමේ දී ඇය අන්තිමයා වූවාය.එහෙත් ඇයට මලල ක්‍රීඩාව තිත්ත නොවුණාය.අධ්‍යාපනය ලැබීම ඇයට දුෂ්කර වූ තරමටම ක්‍රිඩාවෙන් ලැබෙන වින්දනය මනරම් වූවාය.ඒ නිසා ඇය ක්‍රීඩාව අත් නොහැර උන්නාය.


තාත්තාගේ ජංගම දුරකතනය හරහා ඇය වත්මන් පුහුණුකරු අර්ජුන් අජේට ඉන්ස්ටග්‍රෑම් හරහා විඪියෝ පණිවිඩ යවන්නට ගන්නේ මේ අවදියේය.2021 දි මිශ්‍ර තරගාවලියෙන් ජයගන්නා ඉන්දීය කණ්ඩායමේ හිටිය ප්‍රියා මෝහන් ඇතුළු බොහෝ ක්‍රීඩිකාවන් වන්නට හීනා සිහින මවන්නට වූවාය.අර්ජුන්ගේ යටතේ පුහුණුව ලබන ප්‍රියා මෝහන් ඒ අතරින් හීනාගේ වැඩි ආකර්ශණයට ලක්වීම සිය විඩියෝ යැවීම සඳහා අර්ජන් තෝරා ගැනීමට හීනාට හේතු වූවාය.
අර්ජුන් මේ වීඩියෝ එවන පුංචි එකී අඩි 5.7 ක් උස ඉතා හොඳ පියවර රටාවක් තබන්නියක බව වීඩියෝවලින් කියා ගන්නට සමත් විය.එහෙත් ඇය අති විශිෂ්ඨ ක්‍රිඩිකාවක් ද,ඇය මේ දක්වා පෙන්නා ඇති දස්කම් කවරේද යන්න ඔහු නෙදත්තේය.එහෙත් ඇයට යම් හැකියාවක් තිබෙන බව ඒ වීඩියෝ ඇසුරෙන් ඔහු අවබෝධ කර ගත්තේය.


ඇයට බැංගලෝරයට පැමිණීමට අර්ජුන් ආරාධනා කරන්නේ ඒ අනුවය.ඇයගේ මාමා කෙනෙකු වන ඉම්රාන් ද සම්බන්ධ කරගෙන කරන මේ කතා බහට ක්‍රීඩාව ගැන අවබෝධයක් ඇති හීනාගේ පියා ද අකමැති නොවන්නේය.2021 දී ප්‍රියා මෝහන් දිහා බලාගෙන සිහින මවපු හීනා ගැන,2023 වන විට ඉන්දියාවම හින දකින තත්ත්වයට පත්වෙන්නේ අර්ජුන්ගේ මඟ පෙන්වීම යටතේය.
ඉන්ස්ටග්‍රෑම් හරහා අර්ජුන් ළඟට පැමිණි හිනා දැන් ඇබ්බැහියෙන් මිදි ඇත.ඇත්තටම කාරණය අර්ජුන් ඇයට එය තහනම් කර ඇත.
“මම දැන් දුරකථනයක් භාවිතා කරන්නේ නැති නිසා මා ගැන ලියා ඇති ලිපි පවා මම කියවා නැත. මා ගැන හොඳ කතාවක් ඇත්නම්, පුහුණුවීමෙන් පසු සර් මට එය කියා දෙන්නේ සර් ය.”
හීනා අර්ජුනගේ මැදිහත්වීම ගැන පවසයි.
“කෑම බීම සියල්ල සර් හරියට වෙනවද කියා හොයා බලනවා.වතුර අවශ්‍යය ප්‍රමාණය ගත්තා ද කියන කාරණය ගැනත් අවධානයෙන් ඉන්නෙ.”


ක්‍රීඩිකාවක් හැටියට ජයග්‍රහණ සඳහා ඇයව ගෙන යාම සඳහා පුහුණුකරු කරන කාර්ය භාරය කෙතරම් ද යන්න හීනා පැහැදිළි කරන්නේය.දැන් ඇයට ජයක් ලද විට අහුරු පිටින් චොකලට් කන්නට ඩෝනට් කන්නට තබා ඉල්ලා සිටින්නටවත් බැරිය.අවුරුදු 16 ක් වුව ඉන්දියාවට ජාතික වස්තුවක් වෙමින් සිටින හීනා ඉදිරි ඉන්දීය මලල ක්‍රීඩා හීන අතර ඉදිරියෙන්ම ඉන්නේය.
“පුහුණුව හැම කෙනෙකුටම එක විදිහට හරි යන්නෙ නැහැ.එකිනෙකා කෙරෙහි එය බලපාන හැටි වෙනස්.”
අර්ජුන් පවසන්නේය.
හීනා දිගු පියවර තැබීමට ගන්නා උත්සාහයේදී අමතර ශක්තියක් වැය කරමින් විඩාවට පත්වන බව අර්ජුන් ඉතා ඉක්මණින් හඳුනාගෙන තිබිණ.ඔහු ඒ තත්ත්වය නිවැරදි කිරීමේ ප්‍රතිපලය වූයේ ආසියානු යොවුන් සහ කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල දෙකේම කාන්කා මීටර් 400 ඉසව්යේ රන් පදක්කම ඉන්දියාවට හිමි වීමය.
ලෝකයම කතා කරන හීනාගේ දක්ෂතාවය ගැන තවම කතා කරන්නට ඇත්තේ කුඩා කොටසක් පමණි.සෙඩන්ගා ගම්මානය රනින් සරසන මේ තරුව තවමත් හරියට දීප්තිය විහිදා නැකි බව පැහැදිළිය.ඒ දිප්තියෙන් ඉන්දියාවම නැහැවෙන දවසක හීනා ලෝකයේම මලල ක්‍රීඩා තරු තමන්ගේ පරමාදර්ශයක් කර ගනු ඇත.ඉකුත් වසරේ කිසිදු අනුග්‍රහකයෙක් නැතුව යාන්තමට නවාතැන් වියදම් පියවාගෙන පුහුණුකරු සොයා දුන් අහාර අනුබව කරමින් බැංගලෝරයේ තනි වි සිටි හීනාගේ හෙට වෙනුවෙන් අද ආයෝජකයෝ පෙරට පැමිණ සිටිති.ඉන්දීය රජය එයට මැදිහත්ව කටයුතු කරති.ක්‍රීඩාව මෙහෙයවන සංගම්වලග න්‍යායපත්‍රයන්ට අනුව නිදහසේ රටට පලදායි දක්ෂයින් බෝ කරන්නට උදව් කරනවා මිස ඉන්දීය ආණ්ඩුවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ,”අඩේ අපි චන්ඩි ක්‍රීඩාව මොක වුණත් ඒක වෙන්න ඕනි මට ඕනි විදිහටයි” කියන දේශපාලන නායකත්වයන් යටතේ නොවේය.
හීනාට හීන යථාර්තයක් කර ගන්න ශක්තිය හා දිරිය පතමු!

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan