පොහොර මිල අඩුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (10) තිස්සමහාරාම ප්‍රදේශයේ දී පැවති ගොවිජන හමුවක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ,  මෙවර මහ කන්නයේදි යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට වඩා අඩු මුදලකට ලබා දීමට පියවර ගන්නා බවයි.

තවද,  ලබන 15 වනදා සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන අතර ඒ අනුව පොහොර මිටියක් රුපියල් 9000ක මුදලකට ලබා ගත හැකි  බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය .

මේ අතර තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩසටහන අද (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්ස පුර ප්‍රදේශවල දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ යටතේ කොඩිගහවැව හා සාමගුලිය 01 හා 02ක යන වැව් තුන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණා

මෙම වැඩ පිළිවෙළ යටතේ තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ඉදිරි සියලු කෘෂිකර්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා , වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික උපකරණ බෙදා දෙනු ලැබීය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...