ග්‍රේෂන් ධනංජයගෙන් පිටියෙන් පිටට පිම්මක්

Date:

ශ්‍රී ලංකාවේ තුන් පිම්ම ජාතික වාර්තාලභියා වන ග්‍රේෂන් ධනංජය ස්විට්ස්ර්ලන්තයේදී අතුරුදහන් වි ඇති බවට වාර්තා වෙයි.ඒ ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනීවා හී පැවති තරගයකට සහභාගි වීමෙන් අනතුරුවය.ඔහු එහිදී දුර පැනීමේ ඉසව්වට ඉදිරිපත් වූ අතර එහිදී පනින ලද මුල් පිමි තුනම නොනිල පිමි හැටියට වාර්තා වී ඇත.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාරංගි ද සිල්වා ද සහභාගි වන අතර ඇයට ද සිය ඉසව්වේ මුල් පිමි තුනේ දී මීටර් 6.00 දක්ෂතාවයක් පමණක් දැක් වූ නිසා, අවසන් අට දෙනා අතරට තේරීමට නොහැකි වූවාය.

සාමාන්‍යයෙන් වෘත්තීය ක්‍රීඩකයින් සිය අනුග්‍රාහකයන් හරහා මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගි වීම සමාන්‍ය තත්ත්වයකි.මීට සුළු කාලයකට පෙර අනුග්‍රහයක් නැති වුව ද,අපහසුවෙන් මුදල් සොයාගෙන ගොස් අරුණ දර්ශන,ගයන්තිකා අබේරත්න වැනි ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජපානයේ දි ජාත්‍යන්තර ක්‍රීඩකයින් ඉදිරියේ සිය දස්කම් විදහා දැක්වීම ද වැටෙන්නේ මෙවැනි තරග ගණයටය.
එවැනි යහපත් තත්ත්වයක් ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්මාණය වෙමින් තිබෙන මොහොතක ග්‍රේෂන්ගේ මේ අතුරුදහන් වීම රුකුල් දෙනු වෙනුවට අකුල් හෙළීම සිය වගකීම බව සිතන නිලධාරී සමූහයක එම ක්‍රියාවලියට අනුබල දීමක් වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

සෑම සුනඛයෙකුටම තමන්ගේම දිනයක් ඇත – ඒ අදයි! සුභ ජාත්‍යන්තර සුනඛ දිනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ගේට්ටුව ඉදිරිපිටට වී වලිගය...