පාකිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට

අරාබි මුහුදේ සිට පැයට කිලෝමීටර් 150 (පැයට සැතපුම් 93) සුළං වේගයකින් හමා ආ Biparjoy සුළි කුණාටුව හේතුවෙන් පකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශවලට ඇද හැ‌ළෙන අධික වර්ෂාවන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ගස් හා විදුලි සම්ප්‍රේෂණ කුළුණු කඩා වැටීමෙන් තවත් 145 දෙනෙකු තුවාල ලබා ඇති අතර පකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ අතර සහන මෙහෙයුම් වේගවත් කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව, පාකිස්ථානය නිරන්තරව මුහුණ දෙන ස්වභාවික ආපදාවන් හේතුවෙන් පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ පාකිස්ථානයේ ජාතික අයවැය කෙටුම්පතට අනුව ස්වාභාවික විපත් වල බලපෑම් අවම කිරීම සඳහා රජය ඩොලර් බිලියන 1.3 ක් වෙන් කර ඇත.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...