*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණයේ පළමු පියවරට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස ලංකා ධීවර සංස්ථාව  පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම අද(13) සිදුවිය.

ධීවර අමාත්‍යංශය සඳහන් කරන්නේ , ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බවයි

SLT මොබිටෙල් සහ Lanka Qr එක්ව රාජ්‍ය ආයතන නූතන ඩිජිටල් ලෝකයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ නව වැඩපිළිවෙළට සමගාමීව ලංකා ධීවර සංස්ථාව මෙම නව ගෙවිම් ක්‍රමවේදය  හඳුන්වා දී තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා පවසන්නේ ,බොහෝ යල්පැනගිය ක්‍රමවේද තවමත් අපේ රටේ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වන අතර ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වෙනවා මෙන්ම වංචා දූෂණ වැඩිවෙන්නත් යල්පැනගිය ක්‍රමවේද හේතු වී ඇති බවයි.

මේ අනුව ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ , දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලයේ ගෙවීම් අද (13) සිට QR කේත ක්‍රම ඔස්සේ සිදුකළ හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan