අයිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරීම සඳහා මේ මොහොතේ සිම්බාබ්වේ හී දී මුහුණ දෙමින් සිටින තේරීම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ (ජූනි 13) පැවති පෙර පුහුණු තරගයේදී නෙදර්ලන්තය ඉදිරියේ කඩුලු තුනක ජයක් කරා සමීප වූවේ දැඩි උත්සාහයක් දරමින්ය.
ඊයේම තවත් පෙර පුහුණු තරගයකට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම දුලිප් මෙණ්ඩිස් යටතේ පුහුණුව ලබන ඕමානයට එරෙහිව මුහුණ දෙමින් ලකුණු 367 ක් ලබා ගත්තද,ඕමාන් කණ්ඩායමේ අකීබ් ඉල්යාස් පන්දු 104 න් ලකුණු 115 ක් ද,අයාන් ඛාන් පන්දු 76 න් ලකුණු 91 ද ලබා ගනිමින් ඕමාන ඉණිම ලකුණු 339 ක් දක්වා ගෙන ඒමට මුල් වූහ.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්තයට ආරාධනා කළේය.එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් පන්දු යැවූ කසුන් රාජිත ආරම්භයේ සිටම නෙදර්ගන්තය මත මුදා හළ පීඩනය අවසන් කළේ ලකුණු 19 ට කඩුලු 3 ක් සිය නමට පවරා ගනිමින්ය.මහේෂ් තීක්ෂණ පන්දු ඕවර් 10 හමාර කළ එකම පන්දු යවන්නා වූ අතර ඔහු එම පන්දු වාර් 10 ලකුණු 36 ට නිමා කරමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.අයිපීඑල් විස්සයි විස්ස තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ මෙහෙයවීම යටතේ සුපිරි දක්ෂතා දැක් වූ මතීශ පතිරණට ඊයේ තරගයේ දී හිමි වුණේ නෙදර්ලන්ත කණ්ඩායමේ අවසාන කඩුල්ල පමණි.ඒ වෙනුවෙන් ඔහුගේ පන්දු ඕවර් 5.3 වෙනුවෙන් නෙදර්ලන්තය ලකුණු 44 පැහැරගෙන තිබිණ.
නෙදර්ලන්තය කසුන් රාජිත විසින් අඩ පණ කළ මුල නැවත ඔසවා ගැනීමට ගත් වෙහෙසකර උත්සාහයේදී සනීබ් සුල්ෆිකාර් (56),නායක ස්කොට් එඩ්වර්ඩ්ස් (35) සහ තේජා නිදාමනුරු (41) කළ කැපකිරීම වැදගත් විය.
පිළිතුරු ඉණිම ට හොඳ ආරම්භයක් ලබා දෙන්නට පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න අසමත් වූ අතර ඒ අතරිව පැතුම් ලකුණු 10 ට දැවී ගියේය.අනතුරුව කුසල් මෙණ්ඩිස් ලකුණු 27 ක් ලැබූ අතර සදීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගිය පසු චරිත් අසලංක ලකුණු 29 ට දුවද්දී දැවී ගියේය.දිමුත් කරුණාරත්න ලකුණු 47 ක් එක් කළේය.නමුත් කඩා වැටෙන්නට යන ඉණිමේ බර නායකත්වයේ හැඟීමෙන් කරට ගත් දසුන් ශානකට චාමික කරුණාරත්න (16) හොඳ දායකත්වයක් ලබා දුන්නේය.ශානක නොදැවී 67 ක් ලබමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරන විට පන්දු 37.1 ක් තුළ ශ්‍රී ලංකායේ ලකුණු පූවරුව කඩුලු 7 ලකුණු 215 ක් බවට පත් වී තිබිණ.දසුන් ට අවසාන මොහොතේදී දසුන් සමඟ නොදැවී සිටි දුෂාන් හේමන්ත මොහොතට ගැලපෙන ලකුණු 9 ක් ලබා නොදැවී සිටියේය.
ඇෆ්ගනිස්තානු තරගාවලියේදී පිටියට නොකැඳ වූ චාමික කරුණාරත්න ඊයේ තරගායේ දී කැදවා තිබිණ.තීරණාත්මක මොහොතක ඔහු පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 15 ට එක් කඩුල්ලක්ද,එවැනිම මොහොතක දසුන් ශානක සමඟ හොඳ සබදකාවයකට දායක වෙමින් ලකුණු 16 ක් ද එකතු කරන්නට සමත් විය.
පහතින් දැක්වෙන්නේ පුහුණු තරගයේ ලකුණු පූවරුවට පිවිසුම් මාර්ගය ය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-warm-up-matches-2023-1379547/netherlands-vs-sri-lanka-warm-up-1379561/full-scorecard
සටහන – නිශ්මං රණසිංහ
