ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු වෙනුවෙන් විද්වත් කතිකාව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන තිබෙන අතර, ඒ සදහා කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය නියෝජනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැමිණ සිටි බව සඳහන්.

එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන්නේ, ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය, ගුණාත්මකව ටෙලි නාට්‍ය සකස්විය යුතු ආකාරය, මෙරට ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සහ ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කිරීම පිළිබඳවයි.

එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස් කිරීම වෙනුවෙන් වසර 10ක් අරමුණු කොටගත් ජාතික සැලැස්මක් පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...