*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ලංසුවල රස සහ තිත්ත

එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා වන්නට ඩිල්ෂාන් මධුශංකට අවස්ථාව හිමි විය.ඔහු ජෆ්නා කිංගස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඇමෙරිකානු ඩොලර් 92.000 ක මිලකටය.එම වෙන්දේසිය බැලූ බැල්මට අපූරුය.ඒත් කුමක්දෝ නොපෑහෙන බවකින් යුක්තය.ගෙවීම් සිදු වුයේ දක්ෂතා සළකා ද සහ නිවැරදිම ක්‍රීඩකයින්ට මිල ගෙවා මිලදී ගත්තේ ද යන සැක සංකා මෙහිදී මතු ව ඇත.
අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ ක්‍රීඩක වෙන්දේසිය මෙන්ම ඔට්ටු ඇල්ලීම නීත්‍යානුකූලව සිඳුවන තත්ත්වයන් ක්‍රිකට් ක්‍රීඩාවේ සාරධර්ම සමඟ නොපෑහෙන බවක් පෙනෙන්නට තිබුණත්,කාලය විසින් ඒවා ඉහළින් ඇගයෙන සංස්කෘතියක් බවට පෙරැළෙමින් තිබෙන බව අප තේරුම් ගැනීමය.එම තේරුම් ගැනීම යනු නිහඬවීම යන්න නොවුණත්,සංස්කෘතිකමය වශයෙන් එය තේරුම් ගැනීමට සහ පරිවර්ථනය නොවීමට අපොහොසත් වන්නේ නම් ඒ සමඟ ජීවත් වෙන්නට,ගැටෙන්නට හෝ වෙනස් කරන්නට අදහස් ඉදිරිපත් කරන්නට ඇති වලංගුතාවය අහිමි වන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණතට යම් යම් අවස්ථාවල ඔට්ටු ඇල්ලීමේ විරෝධය මතු කරන්නේ ක්‍රිකට් හී සුබ සිද්ධියට වඩා වෙනත් පුද්ගල කේන්ද්‍රීය අර්බූද පදනම් කරගෙන බව යන්න ප්‍රසිද්ධ රහසක්ය.එය නීතියක් හැටියට පුද්ගලයන් මත පීඩනය ගොඩනැඟීය හැකි මට්ටමේ පැවතුණ ද අද වන විට නිල වශයෙන් එවැනි ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පමණක් නොව වෙනත් ජාතික ක්‍රිකට් පරිපාලනද නිහඬවම එකඟ වී ඇත.

ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් නීතිය යන්න දේශපාලකයාඟේ සිතැඟිවල ප්‍රකාශනයක් පමණි.එසේම අමාත්‍යංශය යනු ක්‍රීඩාව සම්බන්ධ ගැඹුරු විද්‍යාත්මක හැදෑරීමක හෝ එළැඹ ක්‍රියා කරන තැනක් නොවන අතර පත්වන දේශපාලකයාගේ දේශපාලන හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයේ කොටසකි.එවැනි වටපිටාවක ක්‍රිකට් ශ්‍රී ලංකාවට විශාල මුදල් ආයෝජනයක් වන තැනක් වීම නිසා එය ස්පර්ශ කරන්නට දේශපාලකයාට තිබෙන උවමනාවම,එයට ජාත්‍යන්තර වශයෙන් ඇති වටිනාකමම තිරිංගයක් වී දේශපාලනයට එරෙහිව යෙදේ.ඒ නිසාම අතපෙවීම් මැද වුව යම් තරමක ස්වාධින පෙණුමකින් සිය පෞරුෂය පවත්වා ගෙන යන්නට ක්‍රිකට් ක්‍රීඩාවට හැකි වී ඇති අතර මෑත කාලයේ ක්‍රිකට් සිය ධනය ලංකාවේ බොහෝ සමාජමය කාර්යයන් සහ වෙනත් ක්‍රීඩාවන් වෙනුවෙන් ද පරිත්‍යාග කරමින් යම් කිසි ආකාරයකට සමාජ ආකර්ශණයක් ද ගොඩ නඟා ගන්නට සමත් වි ඇත.
එවැනි පසුබිමක දිග හැරෙන ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ආකාර්ශණයක් දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අවශ්‍යය මාර්ගය සකස් වී තිබිණ.මෙවැනි පසුබිමක දිග හැරෙන එල්පීඑල් වෙන්දේසිය තරමක විමතිය දනවන තීරණ සහිතව ගෙවුණ ද,එය ආකර්ශණිය ඉසව්වකි.එම ආකර්ශණය ප්‍රතික්ෂේප කරමින් වත්මන් ක්‍රිකට් හී කරන සංසරණය පලදායී එකක් නොවන බව අපි දනිමු.එහි ඇති යම් යම් සැකයට සහ සාධාරණ නොවන කාරණා නිවැරදි කරන්නට මාර්ගය සොයා ගත යුත්තේ යම් යම් නොගැලපීම් හඳුනා ගනිමින්ය.

මෙම කාර්යයට ශ්‍රී ලංකා ක්‍රිකට් දායකවන ස්වභාවයේ යම් දුරස්ථභාවයක් ඇත.එය වෙනම මෙහෙයුම් කමිටුවක් හරහා ගමන් කරන අධීක්ෂණය සහ නිරීක්ෂණය යන කාරණා පිටය පේන හැඩයය.නමුත් ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් යන්න ඇත්තය.එවැනි වටපිටාවක ස්වාධීනත්වය රැකෙන්නේ කෙසේද යන්න පිළිබඳව කණ්ඩායම්වලට සෘජුව පක්ෂපාතී නොවී සිටීමෙන් ඔප්පු කළ යුතුය.එහෙත් ඊයේ වෙන්දේසියේදි ක්‍රිකට් ආයතන තාක්ෂණයත් ඇමතිට අවශ්‍යය පරිදි අධික්ෂණය කර වාර්තා කරන්නට නම් කළ කමිටුවේ ප්‍රධානියා කණ්ඩායමක් වෙනුවෙන් වෙන්දේසියේ පෙනි සිටියේය.ඒවානම් එතරම් ගැලපෙන්නේ නැත.සදාචාරාත්මක නැත.
නමුත් එය පෙණුමට පෙණුනත් ක්‍රීඩා අමාත්‍යවරයාට පෙණුනොත් පෙනෙන්නේ එය නොවන වෙනත් දෙයක් විය හැකිය.මන්ද සම්බන්ධය ක්‍රීඩා අමාත්‍යවරයාගේ වූ පසු ඔහුගේ සිතුවිල්ලට අනුව ගත් පසු දේවාලයේ ඕනෑම වැඩක් කිරීමට කපුවාට අයිතිය ඇත.ආතුරයන් එහි හොඳ නරක ඉවසා වදාළ යුතුය.මෙය සිද්ධාන්තයක් තරමට බරපතල වී ඇති මොහොතක සමහර එල්පීඑල් වෙන්දේසි තීරණ ගැන සතුටු වන්නට නොහැකිය.

නොගත යුත්තන් ගත් බව කීමට අපි ඉදිරිපත් නොවෙමු.නමුත් ප්‍රමුඛතාවය ගැන ගැටළු ඇත.ඒවා සමහර විට එම කණ්ඩායම්වල දේශිය නියෝජිතයන් මේ මොහොත යාවත්කාලීන නොකිරීමෙන් ඇති වූ තත්ත්වයක්ද විය හැකිය.ජාත්‍යන්තර වශයෙන් ද එවැනි යාවත්කාලීන වීමක් සිඳු වී ඇද්ද යන්න සැක සහිතය.එසේ වන්නේනම් තරගාවලියකට වීසි කරන මහා මුදල් කන්දරාව හිත මිතුරන් අතරේ බෙදී යාමක් සිදු විය හැකිය.වටිනාකම සහ පෞද්ගලික රුචිකත්වය යන්න කාරණා දෙකකි.තමන්ට කැමති දේ මිලට ගැනීමට තමන්ගේ මුදල් වියදම් කළ හැකිය.නමුත් විෂයක් සම්බන්ධයෙන් මුදල් වියදම් කිරීමට ලැබෙන බලය එම විෂයේ ප්‍රවර්ධනය පිණිස යෙදවීම වැදගත්ය.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසියේ අංශක 360 ක් හැරෙන්නට ගියහොත් වන්නේ එල්පීඑල් කැද හැළියක් විමය.නමුත් මේ මොහොත යළි උදා නොවීමට අවශ්‍යය නිර්නායක සළකා බැලිය හැකිය.ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර සහ දේශිය තරග පිටයේ දක්වන දස්කම් ආසන්නම වශයෙන් කොපමණ ද යන්න සළකා බැලීම වැදගත්ය.එසේම කුමන හෝ කාරණා මත පවතින ක්‍රිකට්වලට සතුටු විය හැකි සාධකයක් ලෙස ඩිල්ෂාන් මධුශංක ගේ අලෙවිය ගත හැකිය.පෞද්ගලිකව ඔහු සොයා ගැනීමේ ගෞරවය චමින්ද වාස් සතු වන අතරේම ඒ සඳහා අවශ්‍යය පොළව සැකස්මේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් සතුය.ඒ නිසා තව දුරටත් හරිම වටිනාකම් හඳුන් ගන්නට සහ හඳුනා දෙන්නට අවශ්‍යය ක්‍රියාවලිය වෙනුවෙන් වෙනස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ ගන්නේනම් එහි නිලධාරීන්ට කිසිවක් කළ නොහැකි දවසක විවේකිව සිට සතුටු වන්නට දේවල් බොහෝ ප්‍රමාණයක් ජිවිතයට එකතු වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan