පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය අලුත් මානයකින් ක්‍රීඩාව හරහා සමාජීය ආකල්ප වශයෙන් සහ ඒ හරහා භෞතික සංවර්ධනයට මැදිහත්වීමට අවශ්‍යය වැඩ සැළසුම් දියත් කිරීමට සැලසුම් සකස් කරමින් ඇත.නව උපාය මාර්ගික සැලස්මක් යටතේ නව මානයකින් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණයි.”ක්‍රීඩාව නව මානයකින් ඉහළට” යන උද්ධෘතය යටතේ ක්‍රියාත්මක මෙම වැඩ සැලසුම ඉදිරි දශකය තුළ සාක්ෂාත් කර ගැනීම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ අරමුණයි.
විවධ සමාජ තත්ත්වයන් හී වෙසෙන ප්‍රජාව දෙස සමානව බැලීමට සහ වැඩ කිරීමට හුරු කිරීම මෙහි මුඛය පරමාර්ථය වේ.දැනටත් ජාතිකත්වය,ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය මිනිසුන් අගය කිරීමේ සාධක නොවන තත්ත්වයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ජාත්‍යන්තරය පුරා ක්‍රියාත්මක වි තිබීම මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට ක්‍රියාත්මක විම පහසු කරන බව ඔවුන්ගේ අදහස වී ඇත.
“අපේ සාමාජිකත්වය දෙස බලන විට එයින් හතරෙන් තුනක් ජාතික ඔලිම්පික් කමිටු”
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනයේ ප්‍රධාන විධායිකා කැතී සැඩ්ල්ර් පවසන්නේ එබැවින්ය.
ඇය පවසන ආකරයට වසර හතරකට වරක් පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල නොවන නිරන්තරයෙන් ක්‍රියාවට නැංවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පුරා විසිරුණු අලුත් ක්‍රිඩාමය අත්දැකීම සමබන්ධයෙන් ක්‍රියාවට නැංවිය හැකි සැලසුම් අවශ්‍යය වී ඇත.
“ඒවා ‘මනුෂ්‍යත්වය’, ‘සමානාත්මතාවය’සහ සම්ප්‍රදායන් සුරක්ෂිත වන පරිදි ක්‍රියාවට වැංවෙන විවිධ ඉසව් විය යුතුයි.එවැනි ක්‍රියාකාරකම් අවසානයේ පලදායී සහ තිරසාර ක්‍රීඩා උළෙලකට මඟ පෙන්වීම වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞභාග්‍යයට ක්‍රිඩාව සමීප විමක් ද සිදුවන බවය කැතී ගේ අදහසය.
වැදගත් වන්නේ විවිධත්වයට ගර කරන අතරේම විවිධත්වය සමානව පිළිගැනීමෙන් මනුෂ්‍යත්වයට සහ සාමානත්මතාවයට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනය ඉදිරි දශක දහයක කාලය තුළ දෙන්නට හදන වටිනාකමය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වල සංවිධාන යනු දැන් නව මානයකින් නිදහස් අදහස් ඇතිව ලෝකය දෙස බලන කණ්ඩායම්ය.එහෙත් එහි ආරම්භය වන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්ව විසූ රටවල් වීමය.එවැනි රටවල්වල තවමත් බොහෝ තැන් හී දකින්න ලැබෙන්නේ අසමඟිය සඳහා භාවිතා කරන ආගමික සහ ජාතිමය වෙනස්කම් පදකම් කර ගත් කැරලි කෝලාහල සහ සිවිල් යුද්ධය.මේ මානසිකත්වය ආයුධවලින් යටපත් කර දිනීම වෙනුවට අද වන විට ලෝක ක්‍රීඩා දේශපාලනය ක්‍රීඩාවේ ක්‍රියාකාරකම් හරහා වඩාත් පලදායි ආකාරයට ප්‍රේමය පැල කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වෙමින් ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනය දස වසක් ඉලක් කර ආරම්භ කරන මෙම වැඩ සටහනත් එවැනි ආදරණීය හැඟීම් නිදහස් සමාජය මත විසුුරුවා හරින පොදු සමාන ලෝකයක් අපේක්ෂා කරන ක්‍රියාවලියක්ය.වසර හතරකට වරක් නොව සෑම විටම ආදරයෙන් කරුණාවෙන් අවදිව සිටින එකිනෙකා කෙරෙහි බැදුණු බේදයෙන් නොබිදි ජනතාවක් සිටින පුළුල් ලෝකයක් අපේක්ෂාවෙන් කරන මේ ක්‍රියාවලිය ක්‍රීඩා පිටිය දිදුලවන්ට මෙන්ම ලෝක සමාජ දේශපාලනයේ අවස්ථාවාදී ගිණි පුපුරු ඇවිලෙන්නට ඇති ඉඩ නිවා දමන්නට ද බෙහෙවින් බලපානු ඇත.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ කැතී සැඩිල්ර් ඉදිරි දස වස සබැඳි බලාපොරොත්තු සහගත මානවීය ප්‍රේමයෙන් පිරුණු වැඩ පිළිවෙල ගැන අදහස් දැක් වූ අවස්ථාවය.
සටහන – නිශ්මං රණසිංහ
