කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදීමට අවස්ථාව ලබාදෙනවා  – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරවල දී ඉදිරිපත්වූ යෝජනාවන්හි සංක්ෂිප්තයක් ඉදිරිපත් කරමින්, කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙන බව , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

පීතෘ නිවාඩු ලබාදීම සඳහා වන නීති ද ගෙන එන බවත් , ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දෙන බවත්, එමගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තව දුරටත් මෙහිදී ,සේවක සෞඛ්‍ය හා විරැකියාවකදී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම සහ පඩි පාලක සභා ආඥා පනතේ සාප්පු හා කාර්යාල සේවක පනත සැමට සමානව කටයුතු කරන ආකාරයෙන් සම්පාදනය කිරීම ,  සේවකයින් සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීම, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ පිළිබඳව ද මෙහිදී තොරතුරු සාකච්ඡා කෙරිණි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...