බ්‍රැන්ඩික්ස් කහවත්ත කම්හල වසා දැමේ – සේවක සංගම් : එය වසා දැමීමක් නොව ඒකාබද්ධ කිරීමක් – බ්‍රැන්ඩික්ස්

Date:

ශ්‍රී ලංකාවේ ප්‍රකට සන්නාමයක් වන බ්‍රැන්ඩික්ස් සිය කහවත්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බව සේවක සංගම් පවසයි.

එය සේවක සේවිකාවන් 2000 කට අධික පිරිසක් සේවය කළ කර්මාන්ත ශාලාවකි.

මීට පෙරත් එම සමාගමට අයත් කර්මාන්ත ශාලා කිහිපයක් වසා දමා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මෙම කහවත්ත කර්මාන්ත ශාලාව වසා දැමීම පිටතට හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එහි සේවක සේවිකාවන් නිවිතිගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවට අනුයුක්ත කර ඇති බවත් සේවක සංගම් පැවසීය.

ලෝක ආර්ථික තත්වය අනුව ඇනවුම් නොලැබීම නිසා මෙසේ දිගින් දිගටම ඇඟළුම් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් උද්ගතව ඇති අතර ඉදිරි වසර 5 තුළ බොහෝදුරට බ්‍රැන්ඩික්ස් සමාගම මෙරටින් පිටව ගොස් සේවක රැකියා දහස් ගණනක් අහිමි වීමට හැකියාවක් ද ඇති බවත් සේවක සංගම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී බ්‍රැන්ඩික්ස් සමූහය සඳහන් කළේ සිය ගෝලීය ගැනුම්කරුවන් වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයීම සඳහා වූ පූර්ව සැලසුමකට අනුව කහවත්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව නිවිතිගල කර්මාන්ත ශාලාව සමග ඒකාබද්ධ කළා විනා එය වසා දැමීමක් සිදු නොවූ බවයි.

එසේම එහිදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට කැමති වූ සේවක සේවිකාවන් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් ක්‍රියාත්මක කෙරුණු බවත් එය සම්පූර්ණයෙන්ම සේවක සේවිකාවන්ගේ කැමැත්ත මත පමණක් සිදුකෙරුණු බවත් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය බංග්ලාදේශයේ අලුතින් කර්මාන්ත ශාලා ඇරඹූ බවට ඇතැම් පුද්ගලයින් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පැවසූ එම සමූහයේ ප්‍රකාශකයා බංග්ලාදේශයේ ඇති බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව මීට අවුරුදු 13කට පෙර ඉදි කළ එකක් බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලා පහක් වැසී ගොස් ඇති බවට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එවැන්නක් කිසිසේත් සිදු නොවූ බවත් වැලිසර කර්මාන්ත ශාලාව පමණක් සමාගමේ වුවමනාවන් අනුව වසා දැමුණු බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...