*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

නීති විරෝධී ලෙස ආනයනය කළ විශාලතම  දුම්වැටි තොගය විනාශ කෙරේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (15) පෙරවරුවේ මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලගාරයේදී නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු විශාලතම දුම්වැටි තොගය ලෙස දුම්වැටි මිලියන 200ක්  විනාශ කර ඇත .

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසන්නේ  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා හා ජ්‍යෙෂ්ඨ රෙගු නිලධාරීන් ඉදිරියේ අදාළ දුම්වැටි තොගය විනාශ කළ බවයි.

මෙම දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමි වීමට ගිය ආදායම රුපියල් බිලියන 13ක් වන අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් බිලියන 15කට අධික බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021 වසරේදී මෙරටට ආනයනය කර ඇති මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් වටලා තිබෙන අතර , පසුව ආනයනකරුවන් ඇතුළු පාර්ශ්ව වෙත රේගු ආඥා පනත යටතේ දඩ මුදල් නියම කිරීමෙන් පසු ඒවා රාජසන්තක කළ බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan