ජවිපෙ නෙට්බෝල්වත්,නෙට්බෝල් ජවිපෙවත් නොවේ

Date:

ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම මේ මොහොතේ සිටින්නේ දකුණු කොරියාවේය.ඔවුන් මේ මොහොතේ සිටින්නේ තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිස ඇත.කණ්ඩායම බලාපොරොතේතු වූ දක්ෂතා දක්වයිද,නොදක්වයිද මේ දක්වා තරග කළ ආකාරය කවරේද යන්න ගැන සාකච්ඡා කිරීමට වඩා මේ මොහොතේ එහි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කන්නේ ජවිපෙ සාමාජිකයන්ගෙන්ද නැද්ද යන්න මේ මොහොතේ බොහෝ අයට ප්‍රශ්නයක් වී ඇත.

කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයා ද එහි සිටින ලාංකේය තරුණ කණ්ඩායමක් ශ්‍රී නෙට්බෝල් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආහාර සම්පාදනය කර දැන සිටියේය.ඔහු එයට කණ්ඩායම හමු වී සුබ පතන අවස්ථාවේ ස්තූති කර තිබුණේය.ලංකාව කියන රටේ පුරවැසියන් ලංකාව නියෝජනය කරමින් ගිය ගැටිස්සියන් ටිකකගේ බඩගින්න නිවන්න සත් භාවයෙන් ඉදිරිපත් වීම ගැටළුවක් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට අපහසුය.
ජවිපේ යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් සිටින මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂයකි.පෞද්ගලිකව මට ද එය රුචි නොවන්නේය.නමුත් මේ රටේ ඔවුන්ට මට රුචි නොවන දේශපාලන මතයක් දරන්නට අයිතිය තිබිය යුතුය.එසේම ඔවුන් ලංකාවේ පුරවැසියෝය.ඒ නිසා ඔවුන්ට රට ගැන හැඟීමක් ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී හිටින්නට ඒ මැදිහත්වන දේ තුළ තිබෙන්නේ කුමන සම්බන්ධතා ද යන්න වැදගත් නැද්ද?ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය.ඒ ශ්‍රී ලංකාවෙ බලය අනුව දේශපාලන පක්ෂවලට කඩා අයිතිකර දෙන්න නොහැකිය.

අප තවමත් හරි හැටි නොදන්නා කාරණය ඔවුන් සියල්ල ජවිපෙ ද යන්නය.නැතිනම් ඔවුන් සමහරක් ජවිපෙ ද යන්නය.එසේත් නැත්නම් ඔවුන් කිසිවෙක් ජවිපෙ නොවේද යන්නය.ඒත එක දෙයක් පැහැදිළිය.ඔවුන් ශ්‍රී ලාංකිකයෝය.ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායමකට විදේශයක උපකාර කරන්නට ඔවුන් ප්‍රධාන වශයෙන් බලපාන ලාංකික හැඟීමට අප අගෞරව නොකළ යුතුය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ක්‍රීඩා පණත ප්‍රකාරව මේ තරුණියන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ගතවීමට අවශ්‍යය බව අපි දනිමු.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය අමාත්‍යංවරයාගේ දේශපාලනයේ සහ බලය ඇති ව්‍යහුයේ නියෝජනයක් වන්නේ නැත.ඒ කණ්ඩායම නියෝජනය මේ රටේ ඕනෑම ආගමක,ජාතියක,කුලයක හෝ දේශපාලන පක්ෂයක නියෝජනයට අවස්ථාව තිබිය යුතුය.එසේ නොවන බව සිතීමම ගෝත්‍රික සහ පසුගාමී තත්ත්වයක්ය.

එසේම එම කණ්ඩායමට සුබ පතන්නට මේ රටේ ඕනෑම මාදිලියක පුරවැසියෙක්ට හැකියාව ඇත.ඔහු ජවිපේ විය හැකිය.සජබෙ විය හැකිය.නැතිනම් ආණ්ඩුවේ විය හැකිය.ආණ්ඩුවක් යනු රටේ අයිතිකාර සමාගමක් නොවේය.වසර පහකට ජනතාව බහුතරයකගේ කැමත්ත හිමිවන දේශපාලන කණ්ඩායමය.ඒ බලය විසින් අනික් දේශපාලන කණ්ඩායමකට සියලු බලය අහිමි කළ යුතු බව කවුරුන් හෝ කියන්නේනම් ඔහු දේශපාලනය නොදන්නා උන්මත්තකයෙකු විය යුතුය.

ඒ නිසා කොරියාවේ සිටින ඕනෑම ලාංකිකයෙකු උදව් කරන්නේ ශ්‍රී ලංකාවටය.එයට ඔහු කුමන තරාතිරමක ද යන්න හෝ කුමන මාදිලියකද යන්න අදාළ නොවේ.වැදගත් ලාංකිකයෙකුට ලාංකිකයෙකු ගැන දැණෙන හැඟීමය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නොව සමාජයම හිර වී සිටින ආර්ථික අගාධය ඇතුළේ මේ සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට වැදගත්ම කොටස නෙට්බෝල් සංගමයෙන් කර දුන්නේ ප්‍රවේශපත් සකසා ගැනීමේ දී හැසිරුණු ආකාරය ය.නැතිනම් දුර දක්නා නුවණය.එය කියන්නේ ද ක්‍රීඩා අමාත්‍යවරයා ය.එසේ අසරණ තත්ත්වයක සිටියදී කවුරුන් හෝ උපකාරයට අනුග්‍රහයට එන්නේ නම් ඒ ලාංකිකකමට ගරු කරන්නට නොදන්නේ ලාංකේය හැඟීම නොදන්නා උන්ය.

පාට පක්ෂ ජාති ආගම් නොසළකා සෙවණ දිය යුතු ජාතික ධජයක අවශ්‍යයතාවය තදින්ම දැනෙන මොහොතක රටක් හැටියට රට ගැන හිතන මිනිස්සුන්ගේ පාට වැඩක් නැත.උන් රටට වටින්නේය.පක්ෂ දේශපාලනය මැතිවරණයකට සීමා කර පොදු අවශ්‍යයතාවලදී එක්වීම වැදගත්ය.ඒ අනුව බලන විට කොරියාවේ ලාංකිකයන් පිරිස තමන්ගේ ලාංකිකත්වය ප්‍රදර්ශනය කළ අයුරු අපූරුය.විශිෂ්ඨය.ඒවාට කිසිඳු බේදයක් නැතුව ශීර්ෂ ප්‍රනාමය දැක්විය යුතුය.

ජයවේවා! ඔබ ඔබේ ලාංකිකකම ප්‍රදර්ශණය කළ ආකාරය රටක් ආඩම්බරයට පත් කරන රටක් පෙරළා ඔබ සැමට ගෞරවය දැක්විය යුතු වැඩකි.රට හැදෙන්නනම් බේද අවම බැදීම් අවම ජන සමූහයකගේ නියෝජනයක් බවට මේ රට පත් විය යුතුය.බෙදීමකින් තොරව රට සම්බන්ධ ධනාත්මක ක්‍රියාකාරකම්වලට මැදිහත්වන පුරවැසි සේනාවක් නිර්මාණය විය යුතුය.එය බෙදීම් නඩත්තු කරන ජවිපෙට ද අදාළය.බැදීම් සුන්දර කරන රටක් වෙනුවෙන් මේ හුවමාරු වන ඡායාරූපයේ සිටින පිරිසනම් ඇත්තටම කොරියාවේ සිටින නෙට්බෝල් කණ්ඩායමට උපකාර කරන්නේ උන් කුමන පක්ෂයක,ජාතියක,ආගමක,කුලයක වුවත් අපි නුඹළාට නො’පැකිළිව ශ්‍රේෂ්ඨ යැයි කියන්නෙමු!

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...