Glenda Jackson මියගිහින්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලන්ඩනයේ පිහිටි සිය නිවසේ දී,  ද්විත්ව ඔස්කාර් සම්මානලාභීනියක වන Glenda Jackson මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රංගන ශිල්පිනියක වූ ඇය 1970 දී “Women in Love” සහ 1973 දී “A Touch of Class” වෙනුවෙන් ඔස්කාර් සම්මාන ලබා ලබා තිබුණු අතර පසුව දේශපාලනයට පිවිසි Glenda Jackson 1992 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළා.

තවද,  1997 වසරේ දී එරට හිටපු අග්‍රාමාත්‍ය Tony Blair ගේ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කර ඇති ඇය නීති සම්පාදකවරියක් ද වූවා .

පසුගියදා රූපගත කිරීම් අවසන් කළ The Great Escaper චිත්‍රපටය සඳහා ද සිය දායකත්වය දක්වනු ලැබූ අතර මිය යන විට Glenda Jackson 87 වන වියේ පසු වුණා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...