ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය වෙනුවෙන් අයිඕසී ජගත් සම්මානය හෂිමොටෝ ට

0
322

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය වෙනුවෙන් පෙනී හිටීම සහ ක්‍රියාත්මකවීම සැළකිල්ලට ගෙන පිරිනම වාර්ෂික සම්මානය මෙවර දිනා ගත්තේ ජපානයේ හෂිමොටෝ සෙයිකෝ විසින්ය.ඇය ලෝකයේම අවධානයට සහ ගෞරවයට පාත්‍ර වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල මෙහෙයවීමේ සභාපතිත්වය දැරුවාය.

බීජිං හී පැවති 139 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසි වාරයේදී මෛ ගෞරවයට පාත්‍ර වූ හෂිමෝටෝ පළපුරුදු සහ කැපී පෙනෙන ක්‍රීඩා නායකයෙකු, දේශපාලනඥයෙකු සහ හත් වරක් ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩිකාවක්ද වන්නීය.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ එය ක්‍රීඩාවට ඇතුළත් කිරීම සඳහා ජපානයේ බොහෝ හොඳින් ස්ථාපිත ගැහැණු පුරුෂ බේද ඉවත්කිරීම වගේම සාමානත්මතාවය පිළිබදව කරන ලද මැදිහත්වීමත් ඇයට මෙම සම්මානය හිමිවීමට බල පෑවාය.

මෙම සම්මානයට ඇය සුදුසුකම් ලැබූ අයුරෙන්ම ඇය විසින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආශ්‍රිත සම්පූර්ණ වාර්තාවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච්ට සහ කාන්තා කමිටුවේ ප්‍රධානි ලීඩියා නෙෂෙක්ර වෙත පිරිනැමුවාය.පහත දැක්වෙන්නේ එහිදී මහද්වීපිත ලෙස වර්ගීකර සම්මාන බෙදා දෙද්දී එම සමමාන බෙදී ගිය ආකාරයය.

RM​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here