සචින් සහ තිළිණි ජගත් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 53ක් ඉහළට එසැවේ

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක සූරතාවය දිනා ගැනීම පිළිබඳ මතුපිට කියැවීමෙන් ඒ දස්කම කරපු සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා ඇගයීම වෙනුවට අන්දා තැබීමක් කරන්නට සමහරුන්ට ඕන වී ඇත.විශේෂයෙන් කලක සිටම බැඩ්මින්ටන් පුහුණුව විදේශිකයන් යටතේ සිඳු වුණ ද,එය නිවැරදිව ලෝකයට සම්මුඛව ජයග්‍රාහි ලෙස සිටුවා තබන්නට අසමත්වීමේ දෝෂය මඟහරවා ගන්නට හෝ වසා තබා ගන්නට මේ මොහොතේ පරිපාලකයන්ටනම් තිළිනි සහ සචින් දැවන්ත පවුරක්ය.

සචින් සහ තිළිණි මේ ජයග්‍රහණය නිසා මේ වන විට ලෝක මිශ්‍ර යුගල ශ්‍රේණිගත කිරීම්වල 113 වන මිශ්‍ර යුගලය බවට පත් වී ඇත.ඒ 166 වන ස්ථානයේ සිට ස්ථාන 53 ක් ඉදිරියට පැමිණීමෙන්ය.ඔවුන් දෙදෙනාට පරාජය වී තිබෙන්නේ එම් ආර් අර්ජුන් සහ ට්‍රීෂා ජොලීය.ඔවුන් ද මේ ජයග්‍රහණය නිසා 138 වන තැනට පත් වී ඇත.ඒ 207 ස්ථානයේ සිටය.මේ දත්ත හරහා, මේ ජයග්‍රහණයේ වර්ගපලය කියවා ගන්න අපහසු නැත.තව දුරටත් මෙහි තෙවන ස්ථාන ලැබූ යුගලයන් ගත්ත ද ඔවුන් මේ තරගාවලියේ ඉදිරියට එමන් අවසන් පූර්ව තරග වෙත පිවිසීමෙන් සිය ස්ථාන වෙනස් කරගෙන තිබෙන හැටි ද පාඨකයන්ට සොයා ගන්නට හැකියාව ඇත.

ඒ දත්ත ඉදිරිපත් කිරීමෙන් ජයග්‍රහණය කියවා ගන්නේ ඇයි?සචින් සහ තිළිණි මහා වීරයන් නොකර මහා වීරයන් කළ හැකි මඟ කියවා ගැනීමටය.නැත්නම් විය හැක්කේ මේ යුගලයට තව දුරටත් 113 ස්ථානය රැක ගන්නට නොහැකි වීමය.අවශ්‍යය මේ ජයග්‍රහණය ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගොඩවීමට පඩිපෙළක් බවට පත් කරන අන්දමේ සැළසුමක්ය.

මේ ඇගයීම් වෙනුවට කරන ඇන්දීම් සහ තමන්ගේ සළු එහා මෙහා වීමෙන් ප්‍රදර්ශනය විය හැකි කැත නිරුවත වසා ගැනීම් නිසා අපේ රටට අහිමි වූ වැදගත්ම ක්‍රීඩිකාවන් දෙදෙනෙකි.ඒ අදටත් ක්‍රීඩා කරන අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා ය.බැඩ්මින්ටන් ලෝලීන්ට මතක ඇත්නම් මේ දෙදෙනා අවුරුදු 16 දී යොවුන් ආසියාතික සූරියෝ බවට පත් වෙති.එය ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ඉතිහාසයේ ස්වර්ණමය සළකුණක් ය.ජාත්‍යන්තර සළකුණක්ය.එතැන් පටන් අචිනි රන් කිකිළිය වූවා මිස ලෝකයට ඇයගෙන් ලංකාවේ වටිනාකම දෙන හැටි කිසිවෙක්ට කල්පනා වූවේ නැත.කිකිළිය මරා එකවර බිත්තර ගන්න උත්සාහ කෙරුවේය.

ඇය කේවල සූරිය කර ආසියාව සහ ලෝකය ජයගත හැකි බවට එම සූරතාවයෙන් ඉක්බිති සමාජය තුළ මෙන්ම ඇය තුළ ද ගොඩනැඟූ සංකල්පමය බලපෑම ලංකාවේ බැඩ්මින්ටන් වෙත ඉහළට නඟින්න හැරවූ පඩිපෙළ පසෙකට කළේය.මෙසේ කියන්නට ඇති තර්කය කුමක්ද?

අචිනි සහ උපුලි අතින් පරාජය වී අනු සූරියෝ වූ රවින්දා ප්‍රජොන්ජායි සහ ජොන්කෝල්පාන් කිතිතාරුකල් අද ලොව සිටින්නේ අටවන ස්ථානයේය.ඔවුන් වරෙක හයවන ස්ථානයට ද පැමිණ ඇත.මේ දෙදෙනා වයසින් ගත්තොත් අචිනිට සහ උපුලිටත් වඩා වසරකින් වැඩිමහල් ක්‍රීඩිකාවෝය.එහෙත් අප අචිනි සහ උපුලිව ඒ ජයග්‍රහණය හරහා කියවාගත් ආකාරය වැරදිය.ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් වැඩි අත්දැකීම් යුගල තරගවලදී ලබා දි ලෝකය සමඟ සමාන්තරව රැගෙන ගියේනම් අද තායිලන්ත ක්‍රීඩිකාවන් සිටින තැනට ආසන්නයේ හෝ සිටින්නට තිබිණ.
රටට ඔවුන් ලබා දුන් ජයග්‍රහණය හරහා කියවා ගැනීමකට නොගිය පරිපාලනය ඔවුන්ව කේවල අංශයෙන් පෙරට යන උත්සාහයට ප්‍රමුඛතාවය දෙන්නට ඉඩ හැරියේය.පරිපාලනය නිවැරදිව තීරණය කරානම් ජාත්‍යන්තර මට්ටමෙන් එම කාන්තා යුගලය පරිස්සම් කරන්නට සහ පෙරට ගෙන යන්නට අවශ්‍යය මාර්ගය අද වන විට ආසියාව පමණක් නොව ලෝකයද අචිනිලා හරහා ලංකාව ගැන කියවන්නෝය.

සචින් සහ තිළිනි හරහා පරිපාලනය සහ සමාජය කියැවිය යුතු වැදගත්ම කරුණු මඟහැරි ගොස් තිබේ.කවිදි සිරිමාන්න සහ සචින් ඩයස් යුගලයේ නම දැනට තියෙන්නෙත් 121 වන ස්ථානයේය.කවිදි මේ මොහොතේ ක්‍රීඩා නොකරන බැවින් එම යුගලය ශ්‍රේණිගත කිරීම්වලින් පල්ලම් බසිමින් සිටින අතර සචින් කවිදි වෙනුවට සොයාගත් ක්‍රීඩිකාව තිළිණි සමඟ දැන් 113 ට පැමිණ ඇත.මේ මොහොත ලැබූ ජයග්‍රහණය සමඟ හොඳින් කියවාගත යුතුව ඇත.තිළිණි ද ඉතාම කුඩා වයසින් ජාතික සූරිය වන්නට තරම් හැකියාව පෙන් වූ ක්‍රීඩිකාවක් බැවින් මේ මොහොත අතිශයින් වැදගත්ය.අභියෝගය ඔවුන් දෙදෙනා ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා යොමු කරමින්,අත්දැකීම් ලබා දෙමින් මිශ්‍ර යුගල කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකි අයුරෙන් මෙහෙයවන්නේ කෙසේද යන්න විමසා බැලීමය.බැඩ්මින්ටන් යනු කේවලම පමණක් නොවේය.රට පෙරට ගෙන යා හැකි තරග අංශය නිවැරදිව කියවා ගන්නට පාලකයන් සමත් විය යුතුය.

ඉන්දීය තරගාවලිය ලොව තරගකාරීම තරගකරුවන්ගෙන් හුදෙකලාව පැවත් වුව ද එහි සූරතාවය දිනීම යනු පහසු කටයුත්තක් නොවේය.එය අතිශයෝක්තියට නොනඟා හරි තැන සිට කියවා ඔවුන්ට වටිනාකමක් දෙන්නට යාමට වඩා බැඩ්මින්ටන් පරිපාලනයට ඇත්තේ ඔවුන්ගේ වටිනාකම වැඩි කරන්නේ කෙසේද යන්න සිතීමය.ඊට අනුව හෙට දවසේ අපට සචින් සහ තිළිණි මිශ්‍ර යුගල සූරතා වෙනුවෙන් යළි යළිත් ජයග්‍රහණ සොයා ලෝකය පීරනු දකින්නට හැකිනම් බැඩ්මින්ටන් පරිපාලනයට මල් පිදිය හැකිය.මල්නම් දුකට සහ සතුටට දෙකටම පිදෙන බැවින් අපට කුමන අවස්ථාවක් උදා කර දෙන්නේද යන්න තීරණය කිරීම ඇත්තේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සතුවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...