*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ක්‍රිකට් වැටුණොත් රටටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – ජනාධිපති ක්‍රීඩා ඇමතිට කියයි

ජනාධිපතිවරයා සහ වාර්මාර්ග,ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා අතර වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති වූ වාදයකදී සිය නොසතුට පළ කර ඇති ජනාධිපතිවරයා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වයට එරෙහිව ගනු ලබන තීරණ ගැන ද අදහස් දක්වා ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තීරණ නිසා ජාත්‍යන්තර සම්මේලනවලින් පාපන්දු සහ රගර් ක්‍රීඩාව තහනම් කර ඇති අතර එම ජාත්‍යන්තර සංගම් දෙකම කරුණු පෙන්වා දෙන්නේ තහනමට හේතුව දේශපාලනික අතපෙවීම් බවයි.මේ අතර ආසියාවේ ඉහළ තැනක තිබුණ රගර් මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේ දී පදක්කමකට පිවිසිය හැකි මට්ටමක බලාපොරොත්තු සහිතව සිටියේ ඉකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මෙන්ම මෙවර ආසියානු සත් සාමාජික තරගවලදී පෑ දස්කම් පදනම් කරගෙනය.

නමුත් මේ වන ජාත්‍යන්තර රගර් සම්මේලනය රග්බි ක්‍රීඩාව ද දේශපාලන අතපෙවීම් මත තහනම් කර ඇති අතර අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව සෑම දෙයකදීම ඇමතිගෙන් අසන ලෙස පවසමින් තහනම ඉවත් කරගෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් කණ්ඩායම ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු පුහුණු කටයුත්තක් අරඹා නැත.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ යටතේ ජාතික ක්‍රීඩා තරගාවලිය සදහා කබඩි සහ වෙරළ කබඩි වන ඉසව් දෙකම ක්‍රියාත්මක වෙමින් ඇතත් ජාත්‍යන්තර වශයෙන් තරගාවලි මඟහැරීම හේතු කරගෙන ශ්‍රී ලංකා කබඩි ද තහනම් විය හැකි තැනෙක තිබෙන්නේ ක්‍රිඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය සහ කල් මැරීම පදනම් කරගෙන බව වාර්තා වෙමින් ඇත.එසේම බොහෝ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ වැඩි කාලයක් සේවය කිරීම වෙනුවට වෙනත් තැන්වලට යාම හෝ අමාත්‍යවරයා විසින් කරනු ලබන පත්වීම් ද බොහෝ සෙයින් වෙනස් කරන අයුරුද පසුගිය කාලයේ දැක ගන්නට ලැබිණ.

තවත් ක්‍රීඩා ගණනාවක්ම යම් යම් නීතිමය තත්ත්වයන්ට යටත්ව නීතිය යටතේ සාකච්ඡාවට බදුන් වෙමින් තිබෙන අතර මේ සියලු කාරණාවලට අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමක් තිබෙන බවට චෝදනා ද එල්ල වෙමින් ඇත.මේ තත්ත්වය ගැන අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ක්‍රිඩා සංගම්වල ස්වාධීනත්වයට එල්ලවන බලපැම ගැන තොරතුරු ලැබී ඇති බවය.එසේම ඔහු එසේ බලපෑම් නිසා ජාත්‍යන්තර වශයෙන් ගැටළුකාරී තැනකට පත්වීමේ ඉඩකඩක් පවතින ක්‍රිකට් ක්‍රිඩාව වැනි ක්‍රීඩාවක් තහනම් වුවහොත් මේ මොහොතේ රටේ විවිධ දේ සදහා ඉන් ලැබෙන ආධාරද සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ක්‍රිකට් තහනම් වුවහොත් එය රටටත් ප්‍රශ්නයක් විය හැකි බවය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක වශයෙන් කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැති ධූරය අවදියේ සමීපතමව සිටි නිලධාරියෙක් වන සුදත් චන්ද්‍රසේකරය.ඔහු සහ අමාත්‍යවරයා ජාතික ක්‍රිඩා සභාවට පත් කළ අර්ජුන රණතුංගව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සහ අර්ජුන එම ධූරයට සුදුසුකම් සපුරා නැති බව ද පෙන්වා දෙන්නේය.මේ තත්ත්වය යටතේ අර්ජුන මේ මොහොතේ තමන්ට ලැබෙන අනුමැති ලිපිවල අමාත්‍යවරයාගේ බලය රඳවන රිසියෙන් මෝඩ වෙනස්කම් සිදු කරමින් අමාත්‍යවරයාගේ හිත දිනා ගැනීමට කටයුතු කරමින් සිටියි. මෙහි එහි එක් පියවරක් හැටියට මේ දක්වා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර ක්‍රිකට් ආයකනයේ අමාත්‍යවරයා වෙනුවෙන් රැදී සිටී අතර එම බලය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අසන්ත ද මෙල්ට පැවරීමට මේ වන විට කටයුතු කර ඇත.

මේ සියල්ල හරහා ක්‍රිඩා ඇමතිවරයා අනවශ්‍යය ලෙස සිය බලය සටහන් කිරීම පිණිස ක්‍රීඩාවන්හී තීරණවලට මැදිහත් වෙමින් සිටින අතර ඒ සියල්ල සළකා බලා ඉතා කෙටි වාග් මාලාවකින් අමාත්‍යවරයාගේ ඇමති ධුරයේ ආයුෂ රැදී ඇත්තේ කා අතද යන්න, ජනාධිපතිවරයා කරන ලද මතක් කිරීමත් හැටියට ඊයේ රොෂාන් රණසිංහ සහ ජනාධිපතිවරයා අතර ඇති වූ සංවාදයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශ ගත හැකිය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan