හොංකොං වැස්සෙන් ලංකාවට හානි

නැගී එන ආසියාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර හොංකොං හී පැවත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන වරටත් විසදුමක් නැති තරගයක සම ලකුණු ලබන්නට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට අද සිදු වුණා.මීට පෙර බංගලාදේශය සමඟ පැවත්වීමට නියමිතව තිබූ තරගයේදී ද වර්ෂාව නිසා තරගය අතහැර දැමූ අතර අද ද එම ඉරණමටම ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වුණා.

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ජය ගනු ලැබූ අතර ඉන් අනතුරුව පැවති තරග දෙකම වර්ෂාව නිසා අත් හැර දැමුණා.ජූනි 14 දා සිට හොංකොං නගරයට වර්ෂාවෙන් එල්ලවන බාධා නිසා පවත්වන්නට හැකි වී ඇත්තේ එක තරගයක් පමණයි.අද පස්වරුවේ පැවත්වෙන තරගය ගැන මේ දක්වා තීරණයක් ගෙන නැති අතර එම තරගය හැරණු විට 14 දා සිට මේ දක්වා පැවත්වීමට නියමිතව තිබූ තරග පහෙන් හතරක්ම අතහැර දමා තිබෙනවා.

දැනට තරග දෙක බැඟීන් වර්ෂාව නිසා අහිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවට සහ බංගලාදේශයට පමණයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...