ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අළුයම 3.30 ට පමණ දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ය.
ලබන සතියේදී ප්‍රංශයේ පැරිස්නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත ය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුව ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
RN