තරුණ ප්‍රජාව නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙනවා – අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (17) අරලියගහ මන්දිරයේ පැවති රොටරි ඉන්ටර්නැෂනල්හි 33වැනි දිස්ත්‍රික් අන්තර් ක්‍රියාකාරී සමාජයේ සම්මේලනයට එක්වෙමින් , තරුණ ප්‍රජාව මේ වනවිට පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී ඇති අතර සාර්ථක විසඳුම් අත්හදා බලමින් ක්‍රමයෙන් එම අසීරු තත්ත්වයන්ගෙන් මිදීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අන්තර් ක්‍රියාකාරී සමාජ මගින් යහපත් අරමුණක් සඳහා වෙනත් පුදගලයන් සමග වැඩ කිරීමට අවස්ථාව ලැබෙන අතර එකිනෙකා අතර අවබෝධය පුළුල් කරන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වන බවත් තරුණයන් රොටරි වැඩසටහන්වලට සහභාගී වීමෙන් ඔවුන්ගේ ජීවිත වෙනස් මගකට යොමු කළ හැකි බවත්ය. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය වසරේ අන්තර් සමාජය වැඩසටහන්වලදී දක්ෂතා දැක්වූවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමද එහිදී සිදු කළ බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...