එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයක

Date:

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් දෙදින සංචාරයක් සඳහා බීජිං වෙත පැමිණ ඇති බව වාර්තා වේ. මෙය වසර පහක පමණ කාලයක් තුළ ඉහළම එක්සත් ජනපද නිලධාරියෙකු චීනයට පැමිණි අවස්ථාව ලෙස සැලකේ.

බීජිං බලා පිටත්ව යාමට පෙර පසුගිය සිකුරාදා(16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බ්ලින්කන් පැවසුවේ තම සංචාරයේ ප්‍රධාන අරමුණු තුනක් ඇති බවයි. එනම් අර්බුද කළමනාකරණය සඳහා යාන්ත්‍රණ සැකසීම, එක්සත් ජනපදයේ සහ මිත්‍ර රටවල අවශ්‍යතා ඉදිරියට ගෙන යාම මෙන්ම අදාළ උත්සුකයන් ගැන කෙලින්ම කථා කිරීම සහ විභව සහයෝගීතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීම යන්නයි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වෙළඳාමේ සිට තාක්‍ෂණය සහ කලාපීය ආරක්ෂාව දක්වා ගැටලු රාශියකට විරුද්ධ වීමත් සමඟ, බ්ලින්කන්ගේ පැමිණිම අතිශයින්ම වැදගත් වන අතර මෙහිදී බ්ලින්කන් චීනයේ ඉහළම නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වන අතර Diaoyutai උද්‍යානයේ රාජ්‍ය ආගන්තුකාගාරයේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිතය.

සටහන – සශිකලා මධුෂාණී


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...