තවත් මේ ආණ්ඩුවට ආර්ථිකය ගොඩදාන්න බැහැ.දැන් ජනතාවට අවස්ථාව දෙන්න – මුජිබර්

Date:

කොළඹ LNW:පවතින ආර්ථික කඩා වැටීම හමුවේ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ රාජපක්ෂවරු හෝ පොහොට්ටුව සන්තෝෂ කිරීම නොව අලුත් දේශපාලන වාතාවරණයක් ඇතිකර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජාත්‍යන්තර හා දේශීය වශයෙන් විශ්වාසයක් ගොඩනැගී ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ එම වෙනස මත බවයි හිටපු මන්ත්‍රීවරයා පවුවේ.

ආර්ථිකය හැකිලෙමින් ආර්ථික දර්ද්‍රතාවට පත්වෙමින් තිබෙන රටක ඒ මත ඇතිවන කැරලි කෝලාහල ත්‍රස්ත විරෝධී පනත්වලින් වාසිය නොහැකි අතර කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා අලුත් දේශපාලන වාතාවරණයක් ඇතිකර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු අවධාරණය කරන ලදී.

”ආර්ථිකය වට්ටපු අය මේ තත්ත්වයට ගෙනාපු අය දරිද්‍රතාවය වැඩි කරපු අය රටේ මන්ද පෝෂණය වැඩි කරපු අය ආදායම් පහළ දැමූ අය උද්ධමනය වැඩි කරපු අය තවමත් බලයේ ඉන්නවා. එහෙම ඉඳන් කියනවා අපි මේක හදනවා කියලා. ඒක තමයි අපි ජනාධිපතිවරයාට කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. රටේ අලුත් දේශපාලන වාතාවරණයක් ඇති කරන්න ජනතාවට අවස්ථාවක් දෙන්න. එහෙම නැතිව රට විනාශ කරපු දූෂණයට සම්බන්ධ වෙච්ච ඇමතිවරු ඉන්න කැබිනට් මණ්ඩලයක් හොරකම් කරපු අය ඉන්න පාර්ලිමේන්තුවක් ආර්ථිකය විනාශ කරපු අය ජනතා මුදල් වලින් නඩත්තු වෙනවා. එවැනි ආණ්ඩුවකට බැහැ රටක් ගොඩ දාන්න.” යනුවෙන් රහුමාන් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...