තවත් මේ ආණ්ඩුවට ආර්ථිකය ගොඩදාන්න බැහැ.දැන් ජනතාවට අවස්ථාව දෙන්න – මුජිබර්

Date:

කොළඹ LNW:පවතින ආර්ථික කඩා වැටීම හමුවේ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ රාජපක්ෂවරු හෝ පොහොට්ටුව සන්තෝෂ කිරීම නොව අලුත් දේශපාලන වාතාවරණයක් ඇතිකර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජාත්‍යන්තර හා දේශීය වශයෙන් විශ්වාසයක් ගොඩනැගී ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ එම වෙනස මත බවයි හිටපු මන්ත්‍රීවරයා පවුවේ.

ආර්ථිකය හැකිලෙමින් ආර්ථික දර්ද්‍රතාවට පත්වෙමින් තිබෙන රටක ඒ මත ඇතිවන කැරලි කෝලාහල ත්‍රස්ත විරෝධී පනත්වලින් වාසිය නොහැකි අතර කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා අලුත් දේශපාලන වාතාවරණයක් ඇතිකර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු අවධාරණය කරන ලදී.

”ආර්ථිකය වට්ටපු අය මේ තත්ත්වයට ගෙනාපු අය දරිද්‍රතාවය වැඩි කරපු අය රටේ මන්ද පෝෂණය වැඩි කරපු අය ආදායම් පහළ දැමූ අය උද්ධමනය වැඩි කරපු අය තවමත් බලයේ ඉන්නවා. එහෙම ඉඳන් කියනවා අපි මේක හදනවා කියලා. ඒක තමයි අපි ජනාධිපතිවරයාට කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. රටේ අලුත් දේශපාලන වාතාවරණයක් ඇති කරන්න ජනතාවට අවස්ථාවක් දෙන්න. එහෙම නැතිව රට විනාශ කරපු දූෂණයට සම්බන්ධ වෙච්ච ඇමතිවරු ඉන්න කැබිනට් මණ්ඩලයක් හොරකම් කරපු අය ඉන්න පාර්ලිමේන්තුවක් ආර්ථිකය විනාශ කරපු අය ජනතා මුදල් වලින් නඩත්තු වෙනවා. එවැනි ආණ්ඩුවකට බැහැ රටක් ගොඩ දාන්න.” යනුවෙන් රහුමාන් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...