*
Monday, October 7, 2024
spot_img

Latest Posts

කොදෙව්වන්ට බය හිතෙන ඇමෙරිකානු තර්ජනයක්, සිම්බාබ්වේට ශ්‍රී ලංකාවත් සිහියට නැඟෙන නේපාල අභියෝගයක්

මේ දිනවල සිම්බාබ්වේ පැවත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන වටයේ තරග ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර තරගයේන් කොදෙව්වන් ජය ගත්ත ද ඇමෙරිකානුවෝ හොඳ සටනක් ලබා දුන්හ.එසේම සිම්බාබ්වේ කණ්ඩායමට ද නේපාලයේ විශාල ලකුණු ප්‍රමාණයක ඉලක්කයක් එල්ල වූ අතර සිම්බාබ්වේ කණ්ඩායම එම ලකුණු පූවරුව අභිබවා ගිය ද නේපාල පිතිකරුවන් ඉහළ මට්ටමේ දස්කම් දැක් වූ බව පිළිගත යුතුය.

ඇමෙරිකාව නියෝජනය කරමින් වැඩි පුරම තරග වදින්නේ ඉන්දීය සහ පකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයින් වන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණනාවක්ද ඒ සඳහා සූදානමින් පෙළ ගැසී සිටින බව සත්‍ය කාරණාවකි.ක්‍රීඩාවට විශාල හපන්කම් ඇති කොදෙව් දූපත්වල වැසියන් වැඩි වෘත්තීයමය පදනමක් කරා ඇමෙරිකාවට සම්ප්‍රාප්ත වීම දකින්නට ලැබෙන ප්‍රවනතාවයකි.ඇමෙරිකාව කොදෙව් දූපත්වලට ආසන්නයෙන් පිහිටා තිබීමත් එයට හේතුවක් වී ඇත.

දැනට ගයානා දූපත් හී පළමු පෙළ ක්‍රිකට් අත්දැකීම් ඇති කෙවින් ඩාලිංන්ටන් ඇමෙරිකාවේ ජාතික ක්‍රිකට් පුහුණුකරුවා ද වන අතර ඇමෙරිකාවේ ක්‍රිකට් ඉහළ මට්ටමකට පැමිණියහොත් බොහෝ විට කොදෙව් දූපත්වල අනාගත දක්ෂයන් ඔවුන්ට අහිමි වී ඇමෙරිකාවට හිමිවිය හැකි අභියෝගයත් මේ තරගයේදී කොදෙව්වන්ය යම් භයානක හැඟීමක් ඇති කරන්නට ඇත.

එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ද ඇමෙරිකානු නියෝජනය අපේක්ෂාවේන සිටන බවට තොරතුරු ඇති අතර එම ක්‍රිකට් පරිපාලනය ඇතුළත ශ්‍රී ලාංක්ය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් සේ කැපී පෙණුනු චරිතයක් වූ සජිත් ප්‍රනාන්දු තේරීම් කමිටුවේ විශාල වගකීමක් ඉටු කරන්නේය.ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නියමිතව සිටි ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකි සජිත්ට කෙසේ හෝ අවාසනාවන්ත ලෙස එම අවසථාව මඟ හැරී ගිය අතර ඒ නිසා තේරීමේදී එවැනි වේදනාවක් තව අයෙකුට නොදැනෙන සේ ක්‍රියා කරන්නට සජිත්ගෙන් ඇමෙරිකානු ක්‍රිකට් වෙත හොඳ සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
පහතින් දැක්වෙන්නේ ඇමෙරිකානු සහ කොදෙව් තරගයේ ලකුණු පූවරුවය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/united-states-of-america-vs-west-indies-2nd-match-group-a-1377747/full-scorecard

නේපාලය සහ සිම්බාබ්වේ තරගයේදී බලාපොරොත්තු විරහිත ප්‍රහාරයකට සිම්බාබ්වේ පන්දු යවන්නන්ව භාජනය කළ නේපාල පිතිකරුවෝ ලකුණු ලකුණු 290 ක් රැස් කරන්නට සමත් විය.නේපාලය නියෝජනය කරන්නේ වෙනත් රටවලින් වෘත්තීය පදනම ස්ථාවර කර ගැනීමට සහ ජීවිතය යහපත් කර ගැනීමට වෙනත් රටවලින් පැමිණි ක්‍රිඩකයින් නොවේය.ඒ අනුව නේපාලයේ ක්‍රිකට් ඉහළට ඔසවා තැබීමේ දී විදේශිකයන් ලෙස එයට වැඩිම සහයක් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ය.ඒ ක්‍රිකට් පුහුණුව ලබා දීමේදී ය.විශේෂයෙන් රෝයි ඩයස් සහ පුබුදු දසනායක නේපාලයේ ක්‍රිකට් ආදරය කරන ලද සේවය වෙනුවෙන් ඉහළින්ම ලබන ලාංකිකයෝ වෙති.මේ වන විට මේ තරගයේදී සිම්බාබ්වේ හමුවේ පාලනය කර ගැනීමට දුෂ්කර වූ විශාල ලකුණු පූවරුව හරහා තමන්ගේ රාජකාරියට වඩාත් මහන්සි විය යුතුය යන පණිවිඩය ලැබූ නේපාල පන්දු යැවීමේ පුහුණුකරු ද ශ්‍රී ලංකාවේ ධම්මික ප්‍රසාද් ය.
තරගයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා සිය පිතිකරුවන්ට ගෞරවය පුදන අතරේම සුළු සුළු අඩුපාඩු මත තරගය ජය ගන්නට නොහැකි වුව ද,ඉදිරියේදී ඒවා නිවැරදි කරගෙන ජයග්‍රහණය දක්වා යාමට හැකි බවට සිය කණ්ඩායමට විශ්වාසය පුදන්නට ධම්මික ඉදිරිපත් වි ඇත.

සිම්බාබ්වේ නායක ක්‍රේග් එවින්ස් සහ ෂේන් විලියම්සන් වටිනා ශතක දෙකක් ලබා ගනිමින් මේ තරගය නේපාලය වෙතින් උදුරා ගත්තත්,ජාත්‍යන්තර ටෙස්ට් වරම් ඇති කණ්ඩායමක් වන සිම්බාබ්වේ කණ්ඩායම සසල කරන ආකාරයේ ප්‍රහාරයක් දියත් කරන්නට නේපාල ක්‍රීඩකයෝ සමත් වූහ.එම තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/zimbabwe-vs-nepal-1st-match-group-a-1377746/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan