ඔටර්ස් පිහාටු මලේ විවෘත කේවල සුරතා ගෞරවයන් විරේන් සහ රනිත්මා නෙලා ගනිති

Date:

බස්නාහිර බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන්නට යෙදුණ ඔටර්ස් බැඩ්මින්ටන් සූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල සූරතාවය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ විරේන් නෙත්තසිංහට හිමි විය.කාන්තා විවෘත කේවල සූරිය වූයේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ රනික්මා ලියනගේය.ඔටර්ස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාපිටිය පදනම් කරගෙන පැවති මෙම තරගාවලියට ප්‍රවීන ඉසව් මෙන්ම වයස් කාණ්ඩ කණිෂ්ඨ ඉසව් ද ඇතුළත්ව තිබිණි.20 හැවිරිදි විරෙන් මේන්ම 17 හැවිරිදි රනිත්මා ද මේ අනාගතයට පලදායි බලාපොරොත්තු බව මේ තරගාවලියේදී ඔප්පු කර පෙන් වූවේය.


රනිත්මා මේ තරගාවලියේදී තව දුරටත් සිය දක්ෂතා විදහා පෙන්වමින් කාවින්දි සිරිමාන්න සමඟ එක්වෙමින් කාන්තා යුගල සූරතාවයට ද හිමිකම් කීවාය.නිමා වූ ලීනින්ග් මාල දිවයින විවෘත තරගාවලියේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ පසුවන,ලොව ජයග්‍රාහීම බැඩ්මින්ටන් සංස්කෘතියක් අද වන විට දිනාගෙන සිටින ඉන්දියාවේ අසිමිටා චාලිහා ට එරෙහිව තරග වටයක් ජය ගැනීමට සමත් වූ සහ එක් පරාජිත වටයක් ලකුණු 25 -23 දක්වා ගෙනියන්නට සමත් වූ රනිත්මා සම්බන්ධයෙන් වයස හා සළකද්දී වැඩි අවධානයක් යොමු කළ යුතු ක්‍රීඩිකාවක් බව පෙනේ.

රනිත්මා සමඟ කාන්තා යුගල සූරතාවය වෙනුවෙන් එක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක වන කාවින්දි සිරිමාන්න බුවනෙක ගුණතිලක සමඟ එක්ව මිශ්‍ර විවාත යුගල සූරතාවයට ද හිමිකම් කීවාය.ඔවුන් අතින් අවසාන තරගයේදී පරාජයට පත් වූයේ ලෝචන ද සිල්වා නදීශා ගයත්‍රිය.ලකුණු තත්ත්වය 21 – 11 සහ 21 -16 ක් විය.එසේම පිරිමි අවසාන තරගයේදී විරේන් ඉදිරියේ ලකුණු 21 -10 සහ 21 10 ලෙස පරාජයට පත් වූ සවිනික වීරසේකර බුවනෙකට ද්විත්ව සුරතාවන් සඳහා ඉඩ සකසමින් ඔහු හා එක්ව පිරිමි විවෘත යුගල තරගය ජය ගන්නට දායකි විය.එහිදී ඔවුන් දෙදෙනා අතින් ලකුණු 21 – 12 සහ 21 -10 ලෙස ලෝචන ද සිල්වා සහ සියත් සේනාරත්න ය.
රනිත්මා ද්විත්ව සූරතාවයන් සඳහා පිවිසීමේදී විවෘත කාන්තා ඒකල අවසාන තරගය විරංගනා ජයවර්ධනට එරෙහිව ලකුණු 21 -12 සහ 21 – 10 ලෙස ජය ගත්තාය.ඇය කාවින්දි සමඟ කාන්තා විවෘත යුගල සුරතාවය සඳහා වූ අවසාන තරගයේදී අනුරංගි මාස්කෝරාළ සහ සුහස්ති විදානගේ පරාජයට පත් කළේ ලකුණු 21 – 14 සහ 21 – 11 ක් ලෙස ය.


ලීනින්ග්,මොබිල්,මැක්ෆොයිල්,යුනයිටඩ් ස්පොර්ට්ස්,සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය,ප්‍රයිම් ගෘප් ඇතුළු අනුග්‍රාහකයින් පොකුරක් මෙම තරගාවලියට රොඳ බැද සිටීම යහපත් බැඩ්මින්ටන් හෙට දවසකට අතිශයින් වැදගත්,ගරු කළ යුතු කාර්යයක්ය.
මේ තරගාවලියේ ප්‍රවීන තරග අංශයේ දී ජයග්‍රාහී පුවරු මතට ගොඩ වූ බොහෝ දෙනෙක් මේ තරගාවලියේ අනුග්‍රාහක දායකත්යට සම්මාදම් වූවෝය.එය යහපත් දර්ශනයකි.මේ බැඩ්මින්ටන් වෙත දක්වන ආදරණිය අනුග්‍රහය පදනම් කරගෙන ජාතික මට්ටමේ හ්‍රේණිගත ක්‍රීඩකයින් ඉල්කක කරගෙන තරගාවලි කිහිපයක් පවත්වන්නට හැකිනම් එය අනාගත බැඩ්මින්ටන් ක්‍රිඩාවේ අභිවෘද්ධියට බෙහෙවින් හේතු වෙනවාට සැක නැත.ඒ ආදරය ක්‍රියාපදයක් වෙනු ඇතැයි අපි සුබ සිතින් හෙට දෙස බලා සිටින්නෙමු.

ජයග්‍රාහක නාමලේඛණයට මෙතනින් පිවිසෙන්න.

https://mail.google.com/mail/u/0?ui=2&ik=9edf712c03&attid=0.1&permmsgid=msg-f:1769115137236819336&th=188d28d819c45d88&view=att&disp=inline

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?