ජනාධිපතිවරයා සමඟ කිසිදු විරසකයක් නෑ – සාගර කාරියවසම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර විවිධ මත ගැටුම් පවතින්නේ යැයි පිලිගැනීමකට ලක්නොවූ ඇතැම් මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් දේශපාලඥයන්  කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතීඥ සාගර කාරියවසම් මහතා,

“අති නවීන පහසුකම්වලින් සමන්විත මේ මාධ්‍ය මධ්‍යස්ථානය මීට වසර එකහමාරකට පමණ පෙර ඉදිකිරීම් අවසන් කළා. නව තාක්ෂණය යොදා ගනිමින් අලංකාර ලෙස මේ ශාලාව නිර්මාණය කළත් අරගලය මුවාවෙන් පැමිණි අනුන්ගේ දේශපාලන මතයක් පිළිගන්න අකමැති පිරිසක් විසින් විනාශ කළා.

පසුව එය නැවත වරක් ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගෙන තිබෙනවා. අද මේ පළමු මාධ්‍ය හමුව වෙනවා. පසුගිය දිනවල පිළිගැනීමට ලක්නොවූ මාධ්‍යවල අපේ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවිධ කාරණා සදහන් කළා. එම ප්‍රචාරයන් සිදුකළ ආකාරයෙන් අපේ පක්ෂය සහ ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැහැ. මේ ජනාධිපතිවරයා බිහි කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතුවෙලයි.

අපි ඒ අවස්ථාවේ පක්ෂයක් ලෙස තීරණයක් ගත්තා. මේ රට ආගාධයකට වැටී තිබුණා. නිදහසින් පසුව මේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකී තිබුණේ රටවල් දෙකක පමණයි. ඒ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...