අප්‍රිකාවේ විශාලතම සරණාගත අර්බුදය

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව පසුගිය අප්‍රේල් 15දා සුඩානයේ සන්නද්ධ හමුදා සහ ප්‍රතිවාදී පැරාමිලිටරි ශීඝ්‍ර ආධාරක බලකාය (RSF) අතර ඇති වූ සටන් හේතුවෙන් මේ වන විට අවම වශයෙන් සිවිල් වැසියන් 800කට අධික පිරිසක් මියගොස් 6,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම යුද්ධයත් සමඟ දකුණු සුඩානය තුල අප්‍රිකාවේ විශාලතම සරණාගත අර්බුදය මේ වන විට ඇතිව ඇති අතර මිලියන 2.2 ක ජනතාවක් රටේ දේශසීමාවෙන් පිටත හා මිලියන 2.3 ක් අභ්‍යන්තරව අවතැන්ව ඇත.

දකුණු සුඩානයේ සහ සුඩානයේ මායිම අසල රෙන්ක් සංක්‍රමණ කඳවුරේ මේ වන විට 6,000කට අධික පිරිසක් නවාතැන්ගෙන ඇති අතර මෙහි ප්‍රමාණවත් ආහාර, ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් කිසිවක් නොමැත. මෙහි මන්දපෝෂණය සහ අපිරිසිදු තත්වයන්, බෝවන රෝග, වසංගතයක් අවුලුවාලන අතර සෑම දිනකම, කුඩා පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු මිය යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

UNHCR සංඛ්‍යාලේඛනවලට අනුව, අර්බුදයට මාස දෙකක් ගතවී ඇතත්, ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් මෙතෙක් දායක වී ඇත්තේ මුළු සංඛ්‍යාවෙන් 10% ක් පමණි. කෙසේ නමුත්, පසුගිය ජූනි 19වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊජිප්තුව, ජර්මනිය, කටාර් සහ සවුදි අරාබිය, අප්‍රිකානු සංගමය සහ යුරෝපා සංගමය විසින් සුඩානයේ සහ කලාපයේ මානුෂීය ප්‍රතිචාරයට සහාය වීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණමුත් ආධාර ලැබෙන්නේ ඉතා මන්දගාමීවය.

සටහන- සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්